Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති වශයෙන් සිරිපාල අමරසිංහ මහතා වැඩ භාරගනී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජවේදී ගෞරව උපාධිධාරියෙකු, වෘත්තීය සමිති නායකයෙකු, සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු, ආයතන කිහිපයක හිටපු උපදේශවරයෙකු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම හිටපු සභාපතිවරයෙකු ද වූ සිරිපාල අමරසිංහ මහතා අතිගරු ජනාධිපතිතුමන් විසින් 2020 ජනවාරි 02 වන දින සිට මධ්‍යම පරිසර අධිකාරියේ අභිනව සභාපති වශයෙන් පත්කර ඇත.

ප්‍රථමයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ පරිශ්‍රයේ පිහිටි බුදුමැදුර වෙත ගොස් ආගමික වතාවත් වල යෙදීමෙන් අනතරුව නව සභාපතිවරයා සාම්ප්‍රදායානූකූල පොල්තෙල් පහන දල්වා සුබ මොහොතින් සභාපතිධුරයේ නිල වශයෙන් වැඩ භාරගත්තේය. මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය ඇමතූ නව සභාපතිවරයා රට ගොඩ නගන සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියේ පරිසර ප්‍රතිපත්තියට අදාළව මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික නියාමන කාර්ය ශක්තිමත් කිරිමට සිය නිලකාලය තුළ උපරීම ශක්ති ප්‍රමාණයෙන් කැප වෙන බව පැවසුවේය. තිරසර සංවර්ධන අරමුණු ළඟාකරගැනීමේ වැදගත්කමත්, ශ්‍රී ලංකාවේ වන වැස්ම 30% දක්වා වර්ධනය කිරිමට රජය ගෙන ඇති තීරණය සාර්ථක කරගැනීමට අදාළ සියළු ආයතන හා පොදු ජනතාව එක්ව කටයුතු කළ යුතු බවත් අවධාරණය කර සිටියේය. පරිසර සංරක්ෂණ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට ආයතන කාර්ය මණ්ඩලයේ සහය හා කැපවීම ඉල්ලා සිටි නව සභාපතිවරයා පරිසර විෂයේ ප්‍රවිණයන් සිටින මධ්‍යම පරිසර අධිකාරිය ලෝක සම්භාවනාවට පත් ආයතනයක් බවට පත්කිරීමට අප සැම එක්ව කටයුතු කරමු යැයි ද පැවසීය.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පි. බී. හේමන්ත ජයසිංහ මහතා අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමුඛතාව පරිසර සංරක්ෂණය බවත්, එය සාර්ථක කරගැනීමට ආයතන ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල වල වැඩ කිරිමෙන් හා උපදේශකත්වය දැරීමෙන්, සභාපති තනතුරු දැරීමෙන් ද ප්‍රවීණත්වයට පත් නව සභාපතිතුමා මධ්‍යම පරිසර අධිකාරියට මෙන්ම අධිකාරියේ ඉදිරි ක්‍රියාමාර්ග වලට ශක්තියක් වන බව ද පැවසුවේය.

මධ්‍යම පරිසර අධිකාරියේ සමස්ත කාර්යදාමය පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් විසින් මෙහිදි කෙටි දෙසුම් පැවැත්වූ අතර, පරිසර පොලිස් කොට්ඨාශයේ කාර්යභාරය පිභිබඳව ද පොලිස් ඒකකයේ ප්‍රධානී විසින් අදහස් දක්වන ලදී. උත්සව අවසානයේ පැල බෙදා දීමක් ද සිදුකරන ලදී.

 

IMG 7699IMG 7718IMG 7737IMG 7782IMG 7846IMG 7868IMG 7892IMG 7904IMG 7936IMG 8037IMG 8044IMG 8050IMG 8057IMG 8065IMG 8069IMG 8073IMG 8076IMG 8080IMG 8086 - CopyIMG 8094

Friday, 03 January 2020 08:47 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය - 2020 “ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්” මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න