Tamil-SriLankaEnglish (UK)

මහරගම දුම්රිය ස්ථානය හා ඒ අවට ප්‍රදේශයේ පාරිසරික දැනුවත් කිරීමේ වැඩසටහනz

මහරගම දුම්රිය ස්ථානය පිළිසකර කිරිම, ඒ අවට ශ්‍රමදානයක් සිදුකිරිම සහ නිසි ලෙස කසල බැහැර කිරීම තහනම් පොලිතීන් භාවිතයෙන් ඉවත් වීම හා ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳව මහරගම පමුණුව ව්‍යාපාරික ප්‍රජාව දැනුම්වත් කිරිම අරමුණු කරගත්  විශේෂ වැඩසටහනක් 2019.11.24 දින මහරගම දුම්රිය ස්ථානය ආශ්‍රිතව සිදුකරන ලදී. ජාතික සංවර්ධන බැංකුවේ 40 වැනි සංවත්සරය ද සමරමින්, සාමූහික සමාජ වගකිමක් උදෙසා වන සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ සහයෝගයෙන් මෙම වැඩසටහන පැවැත්විය.

 මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා, ජාතික සංවර්ධන බැංකුවේ (NDB.) ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරිම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ගාමිණි ජයසිංහ මහතා, මහරගම සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලයේ වෛද්‍යතුමිය, මහරගම බුවනෙකබා විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යතුමන්, ජාතික සංවර්ධන බැංකුවේ (NDB.) ප්‍රාදේශිය කළමනාකරු චන්දිම අල්විස් මහතා, මහරගම පරිසර පොලිස් ඒකකයේ ස්ථානාධිපති, මහරගම  දුම්රිය ස්ථානාධිපති, මහරගම ශාඛාවේ කළමනාකරු දර්ශන කරුණාසිරිමහතා, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා ශ්‍යාමනි පෙරියප්පෙරුම මහත්මිය ඇතුළුව ජාතික සංවර්ධන බැංකුව, ජාතික ඩෙංගු මර්දන ඒකකය, මධ්‍යම පරිසර අධිකාරිය, මහරගම නගර සභාව සහ පරිසර පොලිස් ඒකකය නියෝජනය කරමින්  නිලධාරින් දෙසියයකට අධික පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

එළැඹෙන උත්සව කාලය තුළ මහරගම නගරයේ විශාල ජනකායක් ගැවසීම සිදුවන අතර විශාල වශයෙන් දිරන නොදිරන අපද්‍රව්‍ය ජනනය විම සිදුවේ. එබැවින් පොදු ස්ථාන සුපිරිසිදුව තබාගැනිමට ජනතා දායකත්වය ලබාගැනිම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. මධ්‍යම පරිසර අධිකාරිය සහ ජාතික සංවර්ධන බැංකුව ඒකාබද්ධව සිදුකෙරුණුමෙම වැඩසටහන සඳහා මහරගම නගරය අවට රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මෙන්ම මහරගම වෙළඳ සංගමයමේ සඳහා ස්ව දායකත්වය සපයනු ලදී. මීට අමතරව ප්‍රදේශයේ ජනතාව අතර මදුරු විකර්ශක පැල බෙදා දිමක් ද සිදු කෙරිණි.

 

 

IMG 3980IMG 4010IMG 4012IMG 4016IMG 4051IMG 4078IMG 4130IMG 4145IMG 4164PHOTO-2019-11-25-14-32-58PHOTO-2019-11-25-14-33-00PHOTO-2019-11-25-14-33-02

Monday, 02 December 2019 09:45 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
නීති විරෝධී පොලිතීන් තොගයක් හෝකන්දර දී අත්අඩංගුවට.... මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2019 ජුනි... තවදුරටත් කියවන්න
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න