Tamil-SriLankaEnglish (UK)

පරිසර හානි පමුණුවන තහනම් පොලිතින් වැටලීම් අඛණ්ඩව...

ටොන් එකකට වැඩි ‍තහනම් පොලිතින් ආහාර දවටන අත්අඩංගුවට

පරිසරය සුරැකීම තුළින් රට සංවර්ධනය කරා මෙහෙයවිම අත්‍යාවශ්‍ය කරුණක් ලෙස සළකන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මෙරට පාරිසරික සුරක්ෂිතාවය උදෙසා ක්‍රියාමාර්ග රැසක් මේ වනවිටත් ගෙන ඇත. පරිසරය සුරැකීමේ පෙරගමන්කරු වන මධ්‍යම පරිසර අධිකාරියටද මේ හරහා ලැබී ඇති රුකුළ ඉමහත්ය. 2017 වසරේ සිට මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පරිසර විනාශයට තුඩුදෙන පොලිතින් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරිමට කටයුතු කරනු ලැබ ඇත. එම තහනම් පොලිතින් වැටලිම සඳහා නිති විමර්ශන සක්‍රිය ලෙස දියත් කිරිමට අතිගරු ජනාධිපතිතුමන්ගේ තීරණය  හේතුවි ඇත.

ඒ අනුව පසුගිය නොවැම්බර් 23 වනදා මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන කණ්ඩායමට ලද තොරතුරුවලට අනුව පාරිභෝගික සේවා අධිකාරිය සහ පරිසර පොලිසිය හා ඒකාබද්ධව මහා පරිමාණ තහනම් පොලිතින් නිෂ්පාදන තොගයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ‍අත්අඩංගුවට ගැනිමට හැකිවිය. අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ පිහිටි තහනම් ආහාර දවටන නිෂ්පාදනායතනයක්, කැළණිය පට්ටිය හන්දියේ පිහිටා තිබූ තහනම් පොලිතින් ආහාර දවටන බෙදාහැරීමේ ආයතනයක්ද සහ කොළඹ පිපල්ස් පාර්ක් හි අලෙවිසල් දෙකක්ද මෙම වැටලිමේදී පරික්ෂාවට ලක්විය.එහිදී රුපියල් ලක්ෂ 8ක් පමණ වන තහනම් පොලිතින් නිෂ්පාදන ටොන් එකකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනිමට හැකිවිය. මෙම ආයතන හිමිකරුවන් තහනම් පොලිතින් අමුද්‍රව්‍යය සහ කැල්සියම් යොදාගෙන විශාල යන්ත්‍ර සුත්‍ර ආශ්‍රයෙන් රාත්‍රි කාලයේ තහනම් ආහාර දවටන නිෂ්පාදනය සිදුකරන බවත්, වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන ‍නොමැති බවත්, කොළඹ හා ඒ ආසන්න නාගරික ප්‍රදේශවලට මහා පරිමාණයෙන් තොග සහ සිල්ලර ලෙස තහනම් පොලිතින් ආහාර දවටන බෙදාහැරිමේ කාර්යය සිදුකරන බවත් විමර්ශන නිලධාරින්ට අනාවරණය කර ගත හැකිවිය.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කර ඇති මෙම තහනම් පොලිතින් නිෂ්පාදනකරුවන් සහ බෙදාහරින්නන් කඩුවෙළ, මාළිගාකන්ද සහ කැලණිය යන මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කරන ලද අතර මෙම වැටලීම් කිහිපය හරහා අත්අඩංගුවට ගන්නා ලද සියළුම පොලිතින් විනාශ කිරිම සඳහා අධිකරණ නියෝග ලැබෙන තෙක් දොම්පේ පිහිටි සනිපාරක්ෂක කසල අංගනය වෙත යවා ඇත.  

 

IMG 3702IMG 3742IMG 3784IMG 3786

Monday, 02 December 2019 06:49 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“Kala Ulela” of the Central Environmental Authority මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2020 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න