Tamil-SriLankaEnglish (UK)

පරිසර, වනජිවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන ගරු අමාත්යව එස්.එම්.චන්ද්ර.සේන මැතිතුමා මධ්යඅම පරිසර අධිකාරියේ නිරික්ෂණ චාරිකාවක ........

පරිසර, වනජිවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන ගරු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මැතිතුමා අද එනම්26 වන දින පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ නිරික්ෂණ චාරිකාවක නිරත වුහ.

නව කැබිනට් අමාත්‍ය ධුරයේ රාජකාරී ඇරඹිමෙන් පසු සිය අමාත්‍යාංශයට අයත් ආයතන නිරීක්ෂණයට හා කාර්ය මණ්ඩල ඇමතිමට ගරු අමාත්‍යතුමා පියවර ගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා හා අධ්‍යක්ෂ ජනරාල් පි.බි. හේමන්ත ජයසිංහ යන මහත්වරුන් විසින් මධ්‍යම පරිසර අධිකාරියට පැමිණි ගරු අමාත්‍යතුමා පිළිගන්නා ලදි.

නව අමාත්‍යතුමා මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අමතා ප්‍රකාශ කර සිටියේ, රට හදන සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ අතිගරු ජනාධිපතිතුමා පරිසර සංරක්ෂණය මූලික කරගනිමින් තිරසර සංවර්ධනය ලඟා කරගැනිමට ඇති කැපවිම පළකර ඇති බැවින් හැම ආයතනයක්ම සහ අප සියළුදෙනාම ඊට සහයෝගය දිය යුතු බවයි. තහනම් පොලිතින් වෙනුවට පරිසර හිතකාමි නිෂ්පාදන හඳුන්වාදිමට හා ජනතාව අතර ප්‍රචලිත කිරිමට ඉදිරියේදි අප පියවර ගත යුතු බවත්, කලාපයේ වායු දූෂණ ගැටළුවක් පවතින තත්ත්වයක් තුළ අපද එහි බලපෑමට ලක්ව ඇති බැවින් වායූ දූෂණය පාලනය දිරිමත් කළ යුතු බවත් ඒ සඳහා වායු දත්ත මෙහෙයුම් මධ්‍යස්ථාන දිවයින පුරා ව්‍යාප්ත කිරිමේ වැදගත්කමත් දැඩි ලෙස අවධාරණය කරන ලදි. මධ්‍යම පරිසර අධිකා‍රියේ විෂය පථය හා කාර්යයභාරය පිළිබඳව කෙටි විමසුමක යෙදුණු ගරු අමාත්‍යතුමා ඉදිරි මාස තුන ඇතුළත ක්‍රියාත්මක කළ හැකි පරිසර සංරක්ෂණ වැඩසටහන් පිළිබඳව වාර්තාවක් සපයන ලෙසද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලදී.

  • මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා, අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම පරිසර අමත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.  

 

123IMG 4241

Friday, 29 November 2019 08:12 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
නීති විරෝධී පොලිතීන් තොගයක් හෝකන්දර දී අත්අඩංගුවට.... මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2019 ජුනි... තවදුරටත් කියවන්න
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න