Tamil-SriLankaEnglish (UK)

ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්ර.දානය - 2019 අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්රුධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ..............

ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් අපේ මාතෘ භූමියේ සුන්දර පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම මුඛ්‍ය අරමුණ කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ජාතික පරිසර නියමු වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි. මෙවර පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානය ‍අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්සහ ගරු මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මැතිතුමා ඇතුළු සම්භාවනිය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2019 ඔක්තෝබර් මස 10 වනදා පෙරවරු 10.00 ට කොළඹ කොටුවේ පිහිටි, ජනාධිපති මන්දිරයේදී පැවැත්විය.

9 වන වරට පැවැත්වෙන 2019 පදක්කම් ප්‍රදානය සඳහා මොණරාගල, කලුතර, කුරුණෑගල, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මහනුවර, හම්බන්තොට, වව්නියාව, කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, කෑගල්ල හා මාතලේ යන දිස්ත්‍රික්ක 15 නියෝජනය කරමින් පාසල් 41 ක පරිසර නියමුවන් 99ක් මෙවර ජනාධිපති පදක්කම ලබාගැනීමට සුදුසුකම් ලැබූහ.

පරිසර නියමුවන්, පරිසර නියමු ජනාධිපති පදක්කම දක්වා වූ ගමනේ යෙදවීම සඳහා කැපවීමෙන් තම සේවය ඉටු කරන ලද, මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් ඇගයීම ද සිදුවූ අතර, මෙවර වැඩිම පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන් බිහිකිරිම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලය සම්මාන ලබාගන්නා ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට ඒ සඳහා පාසල් පද්ධතිය තුළ අත්වැල සපයන ලද 2019 වර්ෂය                                                                 තුළ ජනාධීපති පදක්කම්ලාභීන් 5කට වඩා බිහිකරන ලද ගුරු මහත්ම මහත්මීන් සඳහා විශිෂ්ට සේවා ඇගයීම් සහතික සහ සමරු පිරිනැමීම ද සිදුවූ අතර මෙවර වැඩිම ජනාධිපති පදක්කම්ලාභින් බිහිකල පාසල වූයේ, මාවනැල්ල මයුරපාද ජාතික පාසලයි.

මෙම අවස්ථාවට අතිගරු ජනාධිපතිතුමා, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා, අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතා සහභාගී වූහ.

 

010203040708091016

Friday, 11 October 2019 10:43 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න