Tamil-SriLankaEnglish (UK)

පස/ භූගත ජලයේ ගුණාත්මකභාවය පසුවිපරම් කිරිම හා පරිසරයට සිදුවන හානිය පූර්ණය කිරීම සඳහා වූ ව්‍යාපෘති සැකසීම සඳහා වූ උපදේශන වැඩමුළුව.

මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ ව්‍යාපෘති හා ජල තත්ත්ව කළමනාකරණ ඒකකය විසින් පසුගිය ජුනි 27 වන දින පස/ භූගත ජලයේ ගුණාත්මකභාවය පසුවිපරම් කිරිම හා පරිසරයට සිදුවන හානිය පූර්ණය කිරීම සඳහා වූ ව්‍යාපෘති සැකසීම පිළිබඳ උපදේශන වැඩමුළුවක් සංවිධානය කරන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේදී විශේෂඥ නිලධාරීන්ගේ සභාගීත්වයෙන් මෙම වැඩමුළුව පවත්වන ලදී. පස හා භූගත ජලයේ ගුණාත්මකභාවය පසුවිපරම් කිරීමට අදාළ තොරතුරු රැස්කර ජාතික පාරිසරික පනතට අනුව දැනුම පුළුල් කිරීම මෙම වැඩමුළුව පැවැත්වීමේ  අරමුණ විය.

මෙම වැඩමුළුව සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මාපා පතිරණ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දුෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. මුතුකුඩආරච්චි මහතා හා වෙනත් රාජ්‍ය ආයතන හා පරිසර අධිකාරිය  නියෝජනය කරමින් නිලධාරීන් 45දෙනෙකු පමණ සහභාගී වූහ.
විශේෂ ව්‍යාපෘති ඒකකයේ අධ්‍යක්ෂ එම්. සිවකුමාර් මහතා විසින් ව්‍යාපෘති යෝජනා සම්බන්ධව ද, රසායනාගාර සේවා අංශයේ රසඥ නිසංසලා බෝපගේ මහත්මිය විසින් මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාර සේවාවේ සිදුකිරීමට නියමිත සංවර්ධන කටයුතු පිළිබඳව ද, පරිසර දුෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. මුතුකුඩආරච්චි මහතා විසින් මෙම ව්‍යාපෘතියට අදාළව ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුකළ නියමු ව්‍යාපෘතිය පිළිබඳව ද විස්තර කරන ලදි.
මීට අමතරව කණ්ඩායම් සාකච්ජාවක් පැවැත්වූ අතර එහිදී ව්‍යාපෘති යෝජනා වැඩිදියුණු කිරිමේ ක්‍රමවේද, දැනට පවතින දත්ත මගින් පස හා භූගත ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ පොදු දත්ත පද්ධතියක් සැකසීම, මීට අදාළ නීතී රාමුවේ දුර්වලතා හා ශක්තිමත්කම් පිළිබඳව ද සාකච්ජා විය.

 

IMG 0908IMG 0910IMG 0916IMG 0944IMG 0973

Tuesday, 09 July 2019 06:03 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න