Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම කළමනාකරණ මට්ට‍මේ නව පත්වීම් ලද නිලධාරීන් සඳහා මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද දෙදින නේවාසික පුහුණු වැඩමුළුව

මධ්‍යම කළමනාකරණ මට්ට‍මේ නව පත්වීම් ලද නිලධාරීන් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද දෙදින නේවාසික පුහුණු වැඩමුළුවක් 2019 ජූනි මස 21 සහ 22 Colombo School of Business Management ආයතනයේ දී පවත්වන ලදී.  කළමනාකරණ දක්ෂතා සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මෘදු කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගෙන සංවිධානය කරන ලද මෙම වැඩමුළුවේ දී මානව සම්පත්  කළමනාකරණයේ නව ප්‍රවණතා (කථිකාචාර්ය ඩී.යූ. මොහාන් මහතා, කැළණිය විශ්වවිද්‍යාලය), කාර්ය මණ්ඩලය උද්යෝගයෙන් තබා ගන්නේ කෙසේ ද? (මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, ප්‍රධානී, Colombo School of Business Mgt.), රාජ්‍ය නිලධාරීන්ගේ විනය (බුද්ධික වෙහෙරගොඩ මහතා, සුරාබදු කොමසාරිස් - පාලන හා සැපයුම්), ප්‍රසම්පාදනයේ හා විගණනයේ නව ප්‍රවණතා (දිලුස් අබේසූරිය මහතා, ප්‍රධාන මූල්‍ය නිලධාරී, මහවැලි සං. හා පරි. අමාත්‍යංශය), මහජන කථනය සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය (මානෙල් කුලරත්න මහත්මිය, අධ්‍යක්ෂ සමෘද්ධි නුවරඑළිය) සහ ආයතන සංස්කෘතියට අනුගත වීම (අමිත ගමගේ මහතා, පුහුණු උපදේශක) යන මාතෘකා මෙම වැඩමුළුවේ දී සාකච්ඡාවට ලක් විය.

 IMG E3214IMG E3227IMG E3232 - CopyIMG E3237 - CopyIMG E3246IMG E3323IMG E3357IMG E3367 - CopyIMG E3336

Monday, 01 July 2019 05:17 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න