Tamil-SriLankaEnglish (UK)

තහනම් පොලිතීන් ටොන් 1ක තොගයක් කොළඹ දී අත්අඩංගුවට ගනී.....

නීතියෙන් තහනමට ලක්කර ඇති පොලිතීන් වර්ග ඇතැම් කූට ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් තවදුරටත් නිෂ්පාදනය කරමින් අලෙවිකරන අවස්ථා වාර්තා වෙමින් පවතී. තහනම් පොලිතීන් වලින් නිෂ්පාදනය කරන ලද ආහාර දවටන (Lunch Sheet) ඉතා සුක්ෂම අයුරන් අලෙවි කිරිමක් පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් එම ස්ථානය වැටලීමට පියවර ගන්නා ලදී. මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය සමඟින් පරිසර පොලිස් ඒකකය සම්බන්ධ වූ අතර, කොළඹ 12, සෝන්ඩර්ස් පාරේ ස්ථානයක මෙම පොලිතීන් තොග ගබඩා කර තිබූ අතර, තොග වශයෙන් රහසිගතව කූට ව්‍යාපාරිකයින් හට අලෙවි කිරිම් සිදුකරනු ලබයි.

ලැබුණු තොරතුරත් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අංශය සමඟ අදාළ ආයතන නිලධාරීන්, උපාය දූතයෙකු පොලිතීන් මිලදී ගන්නා පුද්ගලයෙකු ලෙස ඉදිරිපත් කරමින් මෙම කූට ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලදී.
රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා ටොන් 1ක පමණ ධාරිතාවෙන් යුතු තහනම් පොලිතීන් නිෂ්පාදන තොගය ද අත්අඩංගුවට ගත් අතර, අධිකරණ නියෝගයක් ලබාගෙන ඒවා විනාශ කිරීමට පියවර ගැනීමට කටයුතු කෙරේ.  පරිසරයට දැඩි හානිදායක බලපෑමක් විය හැකි මෙම පොලිතීන්, අවභාවිතය නිසා රජය එම පොලිතීන් නිෂ්පාදනයන් තහනමට ලක්කළ අතර, තවදුරටත් එම නිතී නොතකා කටයුතු කරන මෙවැනි පුද්ගලයින්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අඛණ්ඩව සිදුකෙරේ.
තහනම් පොලිතීන් නිෂ්පාදනය සහ අලෙවි කිරිම මේ වන විට විශාල වශයෙන් නවතා දමා පරිසර හිතකාමී ආහාර දවටන ඇතුළු විවිධ වූ නිෂ්පාදනයන් සඳහා ව්‍යාපාරික ප්‍රජාව පෙළඹි සිටින පසුබිමක තවදුරටත් මෙලෙස පරිසර විරෝධි අයුරින් ක්‍රියාත්මක වන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.

Sequence 01.Still002Sequence 01.Still003Sequence 01.Still004Sequence 01.Still006Sequence 01.Still007Sequence 01.Still013Sequence 01.Still012

Wednesday, 19 June 2019 09:23 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ලෝක පරිසර දින සැමරුම - 2019 වව්නියා දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලයේ... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2019 - කිලිනොච්චි දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ කිලිනොච්චි කාර්යාලය මගින් 2019 ලෝක... තවදුරටත් කියවන්න