Tamil-SriLankaEnglish (UK)

ලෝක පරිසර දින සැමරුම - 2019 - මන්නාරම දිස්ත්‍රික්කය

ලෝක පරිසර දිනය වෙනුවෙන් මන්නාරම දිස්ත්‍රික් වැඩසටහන පවත්වන ලද්දේ, මන්නාරම ශාන්ත ලුසියා මහා විද්‍යාලයීය ක්‍රිඩාංගනයේදී. පරිසර දැනුවත් කිරිම් වැඩසටහනක් හා පැළ රෝපණ වැඩසටහනක් එදින සංවිධානය කර තිබුණා. ඒ සඳහා පරිසර නියමු සිසු දරුවන් සහභාගී වූ අතර, ඔවුන් හා සහභාගී වුවන් එක්ව බිජ පැල 80 ක් රෝපණය සිදුකරන ලදී. මෙහිදි ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරිමේ වැදගත්කම පිළිබඳ දේශනයක් මන්නාරම දිස්ත්‍රික් අතිරේක රාජ්‍ය නිලධාරී එස්. ගුණබාලන් මහතා විසින් පවත්වන ලදී. පරිසර සංරක්ෂණය හා අධ්‍යාපනය මැයෙන් දේශනයක් මන්නාරම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවත්වන ලද අතර, රුක්රෝඵනය පිළිබඳ දේශනය පවත්වන ලද්දේ, මන්නාරම ප්‍රාදේශීය ලේකම්තුමා විසිනි. රුක්රෝපණය මගින් වායු දුෂණය පාලනය කිරිම යන්නෙන් දේශනයක් ශාන්ත ලුසියා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමා විසින් පවත්වන ලදී. මෙම වැඩසටහන මන්නාරම දිස්ත්‍රික් රාජ්‍ය ආයතන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් හා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සංවිධානයෙන් පවත්වන ලදී.

 

IMG 4653IMG 4658IMG 4667IMG 4680IMG 4703IMG 4734IMG 4748

Wednesday, 19 June 2019 06:39 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න