Tamil-SriLankaEnglish (UK)

ලෝක පරිසර දින සැමරුම - 2019 වව්නියා දිස්ත්‍රික්කය

මධ්‍යම පරිසර අධිකාරියේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් ලෝක පරිසර දිනය නිමිත්තෙන් දිස්ත්‍රික්කය තුළ වැඩසටහන් 03ක් සංවිධානය කර තිබුණි.
වැඩසටහන අංක 01 යටතේ, A9 මාර්ගයේ හරිත මගක් ස්ථාපනය කරමින් වව්නියා කෘෂි විද්‍යාලයේ සිට A9 මාර්ගයේ කිලෝ මීටර් 2 ක දුරක රුක්රෝපණය සිදුකරන ලදී. මේ සඳහා පරිසර නියමුවන් සමග වව්නියා දිස්ත්‍රික් ලේකම්, වව්නියා ප්‍රාදේශීය ලේකම්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, වන් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වූහ.


වැඩසටහන අංක 2 යටතේ, රුක්රෝපණ වැඩසටහනක් සමඟ වායූ දුෂණය පිටු දකිමු යන ලෝක පරිසර දින තේමාව පිළිබඳව දැනුවත් කිරිම් වැඩසටහන් 05ක් පාසල් සිසුන් උදෙසා සංවිධානය කරන ලදී. වව්නියාව නරනිකුලම් කනේෂ් විද්‍යාලය, පිවුලන්ත විද්‍යාලය, අන්නනගර් පරමේෂ්වර විද්‍යාලය හා මධුකාන්ත ජාතික පාසලේදී මෙම වැඩසටහන් පවත්වන ලදී. මේ සඳහා වව්නියා උතුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ,  නියෝජ්‍ය අධ්‍යක්ෂ, පරිසර නියමු කලාප කොමසාරිස්වරු, කොට්ඨාශ කොමසාරිස්වරු, විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා පරිසර අධිකාරියේ නිලධාරීන්  සහභාගී වුහ.


වැඩසටහන් අංක 3 යටතේ, කර්මාන්තකරුවන් හා උසස්පෙළ සිසුන් සඳහා වව්නියා සෛවප්‍රකාශ කාන්තා විද්‍යාලයේ දි “කර්මාන්තශාලා දුෂකාරකයන් සහ එහි පාරිසරික බලපෑම”  මැයෙන්  දේශනයක් යාපනය විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපිඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය  සුවන්‍යා දේවාසි මහත්මිය විසින් ද, “කර්මාන්ත ක්‍රියාවලියේ දී දුෂණ පාලන ක්‍රමවේදයන්” පිළිබඳ  දේශනය යාපනය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය හා ISL ආයත‍නයේ, අධ්‍යක්ෂ තාක්ෂණ රුෂාන්ත් චන්ද්‍රබෝස් මහතා විසින් සිදුකරන ලද අතර, “දුෂණ පාලන රෙගුලාසි” පිළිබඳ දේශනය මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරි විසින් සිදුකරන ලදී.

CEA KachcheryEdu vav northEdu vav north2kachcheri 2V.Annanagar SchV.Madukantha Sc

Wednesday, 19 June 2019 05:29 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ලෝක පරිසර දින සැමරුම - 2019 වව්නියා දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලයේ... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2019 - කිලිනොච්චි දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ කිලිනොච්චි කාර්යාලය මගින් 2019 ලෝක... තවදුරටත් කියවන්න