Tamil-SriLankaEnglish (UK)

තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන, ආහාර දවටන කර්මාන්ත ශාලාවක්, වත්තල දී වටලයි....

මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2019 මැයි මස 22 දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් වත්තල පොලිස් බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීම් සිදුකරන ලදී. මධ්‍යම පරිසර අධිකාරියත්, පාරිභෝගික සේවා  අධිකාරියත් සමග පරිසර පොලිස් ඒකකය ඒකාබද්ධව මෙම  වැටලීම සිදුකරනු ලැබීය.


එම ආයතනය පරික්ෂාවට ලක්කිරිමේ දී අනාවරණය වුයේ, වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලින් (HDPE) හා කැල්සියම් යන තහනම් කරන ලද නිෂ්පාදනයන් යොදාගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරනු ලබන බවයි. වැටලීම් සිදුකරනු ලබන අවස්ථාවේදී කර්මාන්තායතනයේ රහස් කුටියක මෙම තහනම් නිෂ්පාදන තොගය සගවා තිබුණි.


 මෙම නිෂ්පාදන ආයතනය විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන තිබුණේ, LDPE ග්‍රොසරි බෑග් සහ ෂොපින් බෑග් නිෂ්පාදනය සඳහා පමණක් බව අනාවරණය විය. තවද තහනම් පොලිතීන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණ සහ අමුද්‍රව්‍ය ද එම ස්ථානයේ සිදුකරන ලද වැටලීමේ දී සොයා ගන්නා ලදී.


මෙම කර්මාන්තකරු විසින් තහනම් පොලිතීන් නිෂ්පාදන කටයුතු රාත්‍රී කාලයේ සිදුකරනු ලබන අතර දිවා කාළයේදී නිෂ්පාදනයන් තොග අලෙවි කටයුතු  සිදුකරන බව ද වැටලීම් සිදු කරනු ලැබු අවස්ථාවේ අනාවරණය විය. රුපියල් ලක්ෂ 10ක පමණ වටිනාකමකින් යුක්ත වූ මෙම තහනම් පොලිතීන් නිෂ්පාදන  සියල්ලම පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර අදාළ කර්මාන්තකරු වත්තල මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලද අතර, එම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ 2017/09/01 දිනැති 2034/34 යන ගැසට් නිවේදනයට අනුව නීතීමය පියවර ගැනීමට ද කටයුතු කරන ලදී.

IMG 8421IMG 8428IMG 8433IMG 8436IMG 8438IMG 8457IMG 8463IMG 8479

Friday, 24 May 2019 04:15 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ලෝක පරිසර දින සැමරුම - 2019 වව්නියා දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලයේ... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2019 - කිලිනොච්චි දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ කිලිනොච්චි කාර්යාලය මගින් 2019 ලෝක... තවදුරටත් කියවන්න