Tamil-SriLankaEnglish (UK)

පරිසර නියමු වැඩසටහන ශන්තිමත් කිරිමේ අරමුණින්, ගුරු පුහුණු වැඩසටහනක් මන්නාරම් දිස්ත්‍රික්කයේ දී...

මධ්‍යම පරිසර අධිකාරියේ මන්නාරම් දිස්ත්‍රික් කාර්යාලය විසින් පරිසර නියමු වැඩසටහන ශක්තිමත් කිරිමේ අරමුණින් එම දිස්ත්‍රික්කයේ පරිසර නියමු ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් 2019 මාර්තු මස 14 දින මන්නාරම, අන්ඩන්කුලම් රෝමානු කතෝලික දමිල විද්‍යාලයේ දී පවත්වන ලදී. මන්නරාම් දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිලධාරීනි ආචාර්ය ආර්. හේමලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

මෙම වැඩසටහනේ අරමුණු පැහැදිලි කිරිම උතුරු පළාත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ටී. සුබෝහරන් මහතා විසින් සිදුකරන ලදී. එමෙන්ම පරිසර නියමු වැඩසටහන පාසල් තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දේශනයක් යාපනය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිසර සම්බන්ධීකාරක කේ. ඒ. සිවනාරුලාජ් මහතා විසින් ද, ආචාර්ය ආර්. හේමලතා මහත්මිය විසින් මෙම වැඩසටහනේ වැදගත්කම හා ක්‍රියාත්මක කිරිම සම්බන්ධව විස්තර කරන ලදී.
මෙම අවස්ථාවට මඩු අධ්‍යාපන කලාපයේ කේ. සත්‍යාලන් මහතා, මන්නාරම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. ජේ. බ්‍රේට්ලි මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු පළාත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ටී. සුබෝහරන් මහතා, පරිසර නියමු දිස්ත්‍රික් උපදේශකවරුන්, කලාප කොමසාරිස්වරුන් ඇතුළු මන්නාරම් දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

20190314 08573120190314 09010120190314 09440520190314 124150

Tuesday, 19 March 2019 08:09 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ලෝක පරිසර දින සැමරුම - 2019 වව්නියා දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලයේ... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2019 - කිලිනොච්චි දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ කිලිනොච්චි කාර්යාලය මගින් 2019 ලෝක... තවදුරටත් කියවන්න