Tamil-SriLankaEnglish (UK)

නවීන කර්මාන්ත අපජල පිරිපහදු තාක්ෂණ ක්‍රියාකාරීත්වය හා අප ජල පවිත්‍රාගාර නඩත්තු කිරීම පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන.

 

ශ්‍රි ලංකාවේ පාරිසරික ආරක්ෂාව හා කළමනාකරණය නියාමනය කිරීම හා බලාත්මක කිරීම ජාතික පාරිසරික පනත මගින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැවරි ඇත. පරිසරික ආරක්ෂණ බලපත්‍රය, කර්මාන්ත වලින් නිකුත් කරන අපද්‍රව්‍ය පාලනය සඳහා වූ ප්‍රධාන නෛතික මෙවලම වන අතර, එමඟින් පරිසරයට නිකුත් කරන දූෂකයන් පාලනය කරනු ලබයි.

මෙම ක්‍රියාවලියේ දී ප්‍රමීතීන් හඳුනාගැනීම ඵලදායී උපාය මාර්ගයක් ලෙස හඳුනාගත් මධ්‍යම පරිසර අධිකාරිය අපජල පිරිපහදුව, ක්‍රියාකාරීත්වය හා අප ජල පවිත්‍රාගාර නඩත්තුව පිළිබඳ නවීන දැනුම හුවමාරු කරගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පෙබරවාරි මස 26 වන දින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විය.

මෙම වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන ඒකකය විසින් සංවිධානය කළ අතර, ඒ සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය ද සහයෝගය දැක්වීය. සිංගප්පුරුවේ නංග්යංග් තාක්ෂණ සරසවියේ මහාචාර්ය එන්. ජී. ජරන් මහතා විසින් කාර්මික අපද්‍රව්‍ය පිරිපහදු කිරිමේ ප්‍රධාන අංග පිළිබඳ දේශනයක් සිදුකළ අතර, පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා විසින් ශ්‍රි ලංකාවේ කාර්මික අපද්‍රව්‍ය පිරිපහදු කර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳ විස්තර කරන ලදී.

 

IMG-033c72c1ea3ac7627c1a74c3893b60ff-VIMG-9fa431ec7004a6f3dc1d13da607e2478-VIMG-552826f6264807a793ab107dd682980d-VIMG 20190226 105633

Wednesday, 13 March 2019 09:14 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2019 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
පරිසර හිතකාමී තාක්ෂණය ප්‍රවර්ධන වැඩසටහන තාක්ෂණික විද්‍යාලවල පරිසර හිතකාමී තාක්ෂණය හඳුන්වාදීමේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න