Tamil-SriLankaEnglish (UK)

ජනාධිපති පරිසර සම්මාන - 2019 - දැනුම හා අත්දැකිම් හුවමාරු වැඩසටහහන (රෙදිපිළි පිරිසැකසුම් හා හෝටල් ක්ෂේත්‍රය)

මධ්‍යම අධිකාරියේ පරිසර දුෂණ පාලන ඒකකය විසින් රෙදිපිලි පිරිසැකසුම් හා හෝටල් ක්ෂේත්‍රය සඳහා දැනුම හා අත්දැකීම් හුවමාරු කිරිමේ වැඩසටහනක් පෙබරවාරි 27 හා 28 යන දෙදින පුරා පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේ දී පැවැත්වීය.

2018 වසරේ රෙදිපිළි පිරිසැකසුම් ක්ෂේත්‍රයේ රන් සම්මානය දිනාගත් MAS ෆැබ්රික් (පුද්.) සමාගම, මෙට්රික්ස්, MAS ෆැබ්රික් - තුල්හිරිය යන ආයතන විසින් ඔවුන් විසින් සිදුකරනු ලබන පරිසර හිතකාමී තාක්ෂණය, සාමාජිය ක්‍රියාකාරකම් හා අනෙකුත් වැඩසටහන් පිළිබඳව විස්තර කරන ලදී. මේ සඳහා රෙදිපිළි පිරිසැකසුම් කර්මාන්තය හා සම්බන්ධ නිලධාරින් 55 ක් පමණ සහභාගී විය. MAS ෆැබ්රික් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක, තිරසාරත්ව, මාණික්‍ය දිසානායක, සහකාර කළමනාකරු, තිරසාරත්ව නලීන් ලෙනගල යන මහත්වරුන් විසින් දේශන පවත්වන ලදී.

පෙබරවාරි 28 වන දින, 2017 වර්ෂයේ හෝටල් ක්ෂේත්‍රයේ රන් සම්මාන, දිනාගත් සිනමන් වයිල්ඩ් යාල, කිරින්ද තිස්සමහාරාම හා 2018 වර්ෂයේ එම අංශයේ රන් සම්මානය දිනාගත් රෝයල් පාම් බීච් හෝටලය, වස්කඩුව, කලුතර උතුර යන හෝටල් ඔවුන්ගේ හරිත වැඩපිළිවෙල පිළිබඳව ඉදිරිපත් කරන ලදී. මේ සඳහා හෝටල් ක්ෂේත්‍රයේ නිලධාරීන් 50 දෙනෙකු පමණ සහභාගී විය. සිනමන් වයිල්ඩ් යාල හෝටලයේ නේවාසික කළමනාකරු කීර්ති බාලසූරිය, නඩත්තු අධීක්ෂක විජිත ආතාවුද, සෞඛ්‍යය, ආරක්ෂාව හා පරිසරය විධායක නිලධාරී මල්ෂා සමරසේකර හා රෝයල් පාම් බීච් හෝටලයේ පාරිසරික විධායක අහිංසා දෙව්මිණි යන මහත්ම, මහත්මීන් විසින් ඔවුන්ගේ හරිත වැඩපිළිවෙල ඉදිරිපත් කරන ලදී.
මෙම වැඩසටහනේ සාකච්ජා වාරය සඳහා පරිසර දූෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. මුතුකුඩආරච්චි මහතා හා එම ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා සහභාගී විය.

IMG 3602IMG 3606IMG 3613IMG 3626IMG 3633IMG 3635IMG 3635IMG 3792IMG 3799IMG 3804IMG 3818

Monday, 11 March 2019 06:27 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත් බිම් දින සැමරුම මොනරාගල දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ වැඩමුළුව. කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධව ආර්ථික... තවදුරටත් කියවන්න