Tamil-SriLankaEnglish (UK)

ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය

 

  • ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර අධිකාරියේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් දැනුවත් කිරිමේ වැඩසටහනක් පෙබරවාරි මස 12 වන දින එම කාර්යාලයේදී සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට පරිසර නියමුවන්, පරිසර නියමු වැඩසටහන භාර ගුරු මහත්මීන්, පරිසර නියමු දිස්ත්‍රික් උපදේශකවරුන්, පරිසර නියමු කලාප කොමසාරිස්වරුන් සහභාගී වූහ.
  • මෙම වැඩමුළුවේදී පරිසර නියමුවන් දැනුවත් කිරීම සඳහා දේශන 02ක් සංවිධානය කර තිබුණි. තෙත්බිම් හා දේශගුණික වෙනස් විම් පිළිබඳ දේශනය යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ආචාර්ය සුහන්‍යා තේවාසී මහත්මිය විසින් සිදුකරන ලදී. වව්නියාව, කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම සංවර්ධන නිලධාරී එස්. රංජනා මහත්මිය විසින් තෙත්බිම් ආරක්ෂා කිරිම පිළිබඳව තම දේශනය ඉදිරිපත් කරන ලදී. එමෙන්ම පරිසර නියමුවන්ගේ සංවාදාත්මක ඉදිරිපත් කිරිම් ද ඇතුළත් කර මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
  • වව්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන්, කර්මාන්තකරුවන් සහ වෙළෙඳ ප්‍රජාව පරිසර සංරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින්, මධ්‍යම පරිසර අධිකාරියේ වව්නියා දිස්ත්‍රික් කාර්යාල අභියසින් ආරම්භ කරමින් හොරොව්පතාන මාර්ගය දක්වා පාගමනක් ද සංවිධානය කර තිබුණි.

52369160 260170958246705 2790995720331591680 n

52441769 260171681579966 8164847552567443456 n

52444264 260171961579938 4368371826141691904 n

52513941 260171458246655 2209254438881722368 n

52586555 260171178246683 7510224593114628096 n

52602304 260170874913380 7455604016542646272 n

Thursday, 28 February 2019 05:06 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2019 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
පරිසර හිතකාමී තාක්ෂණය ප්‍රවර්ධන වැඩසටහන තාක්ෂණික විද්‍යාලවල පරිසර හිතකාමී තාක්ෂණය හඳුන්වාදීමේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න