Tamil-SriLankaEnglish (UK)

පිළිසරු ව්‍යාපෘතියෙන් ආලෝකා වැඩිහිටි නිවාසයට ජීව වායු ඒකකයක්

  • පානදුර, පිංවත්ත සද්ධර්මාකාර පිරිවෙණ් පිරිශ්‍රයේ පිහිටුවා ඇති ආලෝකා වැඩිහිටි නිවාසය වෙත ජීව වායු ඒකකයක් ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ක්‍රියාත්මක පිළිසරු ව්‍යාපෘතිය පියවර ගන්නා ලදී. කිසිවෙකුගෙ හෝ හව්හරණක් නොලැබ අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටි වැඩිහිටියන් 75ක් පමණ මේ වන විට ආලෝකා වැඩිහිටි නිවාසයයේ රැකවරණය ලබමින් සිටිති. දැඩි ආර්ථික අපහසුතා මැද පවත්වා ගෙන යමින් පවතින මෙම වැඩිහිටි නිවාසයේ දෛනික ඉව්ම් පිහුම් කටයුතුවල දී මෙන්ම අනෙකුත් අවශ්‍යතාවලදී ද විශාල වශයෙන් අපද්‍රව්‍ය ජනනය වීම නිසා ඒවා කළමනාකරණය කර ගැනීම ද ගැටලුවක්ව තිබිණ.මේ පිළිබඳව ආලෝකා වැඩිහිටි නිවාසයේ ප්‍රධාන පාලක පියල් ප්‍රනාන්දු මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ පිහිටි පිළිසරු ව්‍යාපෘතියේ බලධාරීන්ව දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම ජීව වායු ඒකකය ලබා දෙන ලදී. මුළුතැන්ගේ තුළ දෛනිකව එකතු වන දිරාපත් වන ද්‍රව්‍ය මෙම ජීව වායු ඒකකයට දැමීම සිදු කරන අතර ඉතා ප්‍රශස්ථ තත්ත්වයෙන් මේ වන විට එය ක්‍රියාත්මක වේ. මධ්‍යම පරිසර අධිකාරියේ අප ද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා සරෝජිනී ජයසේකර මහත්මිය විසින්, අභිනවයෙන් ඉදිකරන ලද ජීව වායු ඒකකය 2019/02/20 දින විවෘත කරන ලදී.ආලෝකා වැඩිහිටි නිවාසයේ ප්‍රධාන පාලක පියල් ප්‍රනාන්දු මහතා මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ මේ වන විට තම ආයතනයේ ජනනය වන දිරාපත් වන අපද්‍රව්‍ය කළමනාකරණ කර ගැනීමේ අවස්ථාව ලැබීමත් හා මේ දක්වා L.P ගෑස්සඳහා කරන ලද වියදම 60% කින් අඩුකර ගැනීමට හැකි වූ බවත්ය. අයතන මට්ටමින් දෛනිකව ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණය කර ගැනීම් සඳහාත් ඉව්ම් පිහුම් කටයුතුවල දී බලශක්ති සඳහා වැයවන පිරිවැය අවම කර ගැනීම සඳහාත් මෙවැනි පරිසර හිතකාමී ක්‍රමවේද මගින් අවස්ථා සැලසෙන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා සරෝජිනී ජයසේකර මහත්මිය පැවසුවාය. මෙම අවස්ථාවට ජීව වායු තාක්ෂණය පිළිබඳ විශේෂඥ හා උපදේශක ශ්‍රීමාල් තිසේරා මහතා ද එක්ව සිටියේය.

Alo1

alo2

alo3

alo4

alo5

alo6

alo7

alo8

Thursday, 28 February 2019 04:32 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත් බිම් දින සැමරුම මොනරාගල දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ වැඩමුළුව. කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධව ආර්ථික... තවදුරටත් කියවන්න