Tamil-SriLankaEnglish (UK)

ටොන් 05 ක තහනම් පොලිතීන් ආහාර ඇසුරුම් තොගයක් පානදුරින් වටලයි.

 

මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව, පානදුර මහානාම පාරේ පොලිතීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වටලමින් (ඉකුත් 15 දා) රුපියල් මිලියන 02කටත් වැඩි වටිනාකමක් ඇති ටොන් 05 ක තහනම් පොලිතීන් ආහාර ඇසුරුම් තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය හා විශේෂ පොලිස් ඒකකය එක්ව මෙම වැටලීම සිදුකරන ලදී.
ජාතික පාරිසරික පනත අනුව, කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාමට පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වේ. මෙම කර්මාන්තකරු විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නොමැති අතර, 2017/09/01 දාතමින් අංක 2034/34 යටතේ, පරිසර පනත ප්‍රකාරව පොලිතීන් නිෂ්පාදන කිහිපයක් සඳහා තහනමක් පනවමින් නිකුත් කරන ලද, රෙගුලාසිය ද උල්ලංඝනය කර ඇත. සෞඛ්‍යට අහිතකර ලෙස කැල්සියම් මිශ්‍රකර ආහාර ඇසුරුම් නිෂ්පාදනය ද නිතී විරෝධීය.

නව රෙගුලාසි යටතේ, වැඩි ඝනත්වයක් සහිත පොලිඑතිලීන් ( HDPE) නිෂ්පාදන තහනම් කරන ලද අතර, අත්අඩංගුවට ගනු ලැබූ ආහාර ඇසුරුම් මෙම කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කර ඇත්තේ, HDPE තහනම් පොලිතීන් යොදාගෙනය. මෙම තහනම් පොලිතීන් ඇසරුම් ගල්කිස්ස හා පිටකොටුව යන ප්‍රදේශවල අලෙවිකරන බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරිම යටතේ, ප්‍රධාන චෝදනා 02කට අදාළව කර්මාන්තකරුට එරෙහිව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරමින්, නීතීය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් පියවර ගෙන ඇති අතර, දිගින් දිගටම තහනම් පොලිතීන් වැටලීම ද සිදුකෙරේ.
තහනම් පොලිතීන් වටලමින් ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කරමින්, සෞඛ්‍යාරක්ෂිත හා පරිසර හිතකාමී නිෂ්පාදන වෙළෙඳපොලට පිවිසිමට අවශ්‍ය පසුබිම සැකසීම මධ්‍යම පරිසර අධිකාරියේ අපේක්ෂාවයි. දැනුවත් තොරතුරු අප වෙත සැපයිමෙන් මෙම සමාජ සංරක්ෂණ කාර්ය සාර්ථක කරගැනීම සඳහා මහජනතාවට ද සහභාගී විය හැකි බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියි.

 

Sequence 01.Still002Sequence 01.Still007Sequence 01.Still009Sequence 01.Still013Sequence 01.Still016Sequence 01.Still019

Monday, 18 February 2019 08:04 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2019 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
පරිසර හිතකාමී තාක්ෂණය ප්‍රවර්ධන වැඩසටහන තාක්ෂණික විද්‍යාලවල පරිසර හිතකාමී තාක්ෂණය හඳුන්වාදීමේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න