Tamil-SriLankaEnglish (UK)

තහනම් පොලිතීන් කිලෝ ග්රෑම් 2680 ක් දොම්පේ බිම්පිරවුම් අංගනයේදී විනාශ කෙරේ.......

මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සිදුකරන ලද තහනම් පොලිතීන් වැටලීම් වලදී, යක්කල හා ගණේමුල්ල ප්‍රදේශවලින් අත්අඩංගුවට ගන්නා ලද තහනම් පොලිතීන් හා ලන්ච්ෂීට් නිෂ්පාදන කිලෝ ග්රෑම් 2680 ක් ගම්පහ හා කඩවත මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත පසුගියදා දොම්පේ බිම්පිරවුම් අංගනයේදී විනාශ කරන ලදී.

පසුගිය කාලසීමාව තුළ විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීම් කටයුතු වලදී යක්කල ප්‍රදේශයේ හා ගණේමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද කර්මාන්ත ආයතන වලින් අත්අඩංගුවට ගන්නා ලද පිළිවෙලින් කිලෝ ග්රෑම් 850ක් හා කිලෝ ග්රෑම් 1830ක ප්‍රමාණයක් අවශ්‍ය නීතීමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණි.

ඒ සදහා ලැබූණු අධිකරණ නියෝගයකට අනුව, මෙම තහනම් පොලිතීන් තොගය 2019 ජනවාරි මස 29 වන දින දොම්පේ බිම්පිරවුම් අංගනයේදී විනාශ කරන ලද අතර, ඒ සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඩබ්. එම්. එම්. බී. වීරකෝන් මහතා , දොම්පේ බිම් පිරවුම් මධ්‍යස්ථානයේ කළමනාකරු, ජේ. ඒ. එම්. පී. ජයකොඩි මහතා සහ පාරිභෝගික සේවා අධිකාරියේ ඊ. ඒ. එන්. එස්. එදිරිසිංහ මහතා විසින් සිදුකරන ලදී.

 IMG 20190129 115721IMG 20190129 120336IMG 20190129 120540IMG 20190129 124732

Friday, 15 February 2019 10:10 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2019 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
පරිසර හිතකාමී තාක්ෂණය ප්‍රවර්ධන වැඩසටහන තාක්ෂණික විද්‍යාලවල පරිසර හිතකාමී තාක්ෂණය හඳුන්වාදීමේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න