Tamil-SriLankaEnglish (UK)

පුත්තලම දිස්ත්‍රික් විදුහල්පතිවරු දැනුවත් කිරීමේ වැඩසටහන

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016/10/26 දිනැති චක්‍ර ලේඛන අංක 27/2016 මගින් සෑම පාසලකම මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර නියමු හා පරිසර ළමා සමාජ වැඩසටහන ආරම්භ කර අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව අවධාරණය කර ඇති අතර එය 2015 / 2019 පස් අවුරුදු සැලැස්මක් ලෙස ක්‍රියාත්මක වෙයි.

මෙම වැඩසටහන ශක්තිමත්ව පාසල් පරිසරය තුල ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ ඇතිව මධ්‍යම පරිසර අධිකාරිය පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් 100ක විදුහල්පතිවරුන් සඳහා එක් දින වැඩමුළුවක් 2019/01/24 වන දින පෙ. ව. 8.30ට හලාවත පම්බල පිහිටි සුළු ධීවර සහයෝගිතා සම්මේලන මධ්‍යස්ථානයේ නව ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා සහභාගී වූ ප්‍රවීන පරිසරවේදී සොබාදම් ගොවි පදනම අධ්‍යක්ෂ ජනරාල් තිලක් කන්දේගම මහතා සොබාදම් ගොවිතැන පිළිබඳ ආරාධිත දේශනය සිදු කරන ලදී.

ඊට අමතරව මෙම වැඩසටහන සඳහා හලාවත කලාප සම්බන්ධීකරණ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්. එම්. අයි. පද්මිනී මිය සහ පුත්තලම කලාප සම්බන්ධීකරණ නිලධාරී සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඉසුරු ජයසුන්දර මයා, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ සහ මධ්‍යම පරිසර අධිකාරිය වයඹ පළාත් අධ්‍යක්ෂ තුමිය, මධ්‍යම පරිසර අධිකාරිය පුත්තලම දිස්ත්‍රික් සහකාර අධයක්ෂ තුමා මෙන්ම පුත්තලම දිස්ත්‍රික් පරිසර නිලධාරීන්ගේ සහභාගීත්වය ද ලැබුණි.

23569

Tuesday, 12 February 2019 06:33 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2019 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
පරිසර හිතකාමී තාක්ෂණය ප්‍රවර්ධන වැඩසටහන තාක්ෂණික විද්‍යාලවල පරිසර හිතකාමී තාක්ෂණය හඳුන්වාදීමේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න