Tamil-SriLankaEnglish (UK)

ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන - 2019 පෙබරවාරි 02

සෑම වසරකම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික වැඩසටහන වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සමග ඒකාබද්ධව  2019 පෙබරවාරි 01 දින බත්තරමුල්ල ‘අපේගම“ පරිශ්‍රයේ දී පවත්වන ලදී.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ගරු සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා සහ ගරු පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මැතිතුමා සහභාගී වූ අතර අමාත්‍යංශ ලේකම්වරු රාජ්‍ය ආයතන ප්‍රධානීන්, නිලධාරීන් සහ පාසල් සිසුන් ද සහභාගී විය.

මෙම ජාතික වැඩසටහනට සමගාමීව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අන්තර් පාඨශාලීය බිතුසිතුවම් තරගාවලියක් සහ විජය පුවත්පතේ සමාගමේ අනුග්‍රහය යටතේ ප්‍රහේලිකා පැන විසඳුම් තරගාවලියක් පවත්වන ලද අතර එම තරගවල ජයග්‍රහණ කල පාසල් සිසුන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් ද එම ජයග්‍රාහී පාසල්වල පුස්තකාල සඳහා ග්‍රන්ථ ලබා ගැනීමට මුදල් ත්‍යාග ද පිරිනමන ලදී.

“තෙත්බිම් සහ දේශගුණ විපර්යාස” යන්න මෙවර තෙත්බිම් දින තේමාව වන අතර ඒ මැයින් වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙව්න්දි ජයකොඩි මහත්මිය විසින් පවත්වන ලද ආරාධිත දේශනය ද මෙම උත්සවයේ තවත් අංගයක් විය.

IMG 2204IMG 2235IMG 2244IMG 2249IMG 2257IMG 2274IMG 2282IMG 2312IMG 2300IMG 2333IMG 2342

Wednesday, 06 February 2019 05:16 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2019 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
පරිසර හිතකාමී තාක්ෂණය ප්‍රවර්ධන වැඩසටහන තාක්ෂණික විද්‍යාලවල පරිසර හිතකාමී තාක්ෂණය හඳුන්වාදීමේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න