Tamil-SriLankaEnglish (UK)

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලිය සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ හා යතුරු පැදි සේවා ස්ථාන හිමියන් දැනුවත් කෙරේ

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ත්‍රී රෝද රථ හා යතුරු පැදි සේවා පහසුකම් සපයන්නන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා (2019.01.29) මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මල්වාන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සීමාසහිත ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගමේ මූලිකත්වයෙන් යක්කල නේචර් ගාර්ජ්න්ස් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණ.

වර්තමානයේ මහජනතාව අතර ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ ජනප්‍රිය මාධ්‍යක් ලෙස ත්‍රී රෝද රථය හා යතුරු පැදිය පත්ව ඇති අතර මේවායේ නිසි භාවිතය හා නඩත්තුව තුළින් පරිසර තත්ත්වයන්ට එල්ලවිය හැකි බලපෑම් මගහරවා ගත හැකිය. මේ සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල මැදිහත්වීම වර්තමානයේ ජාතික අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර එහි දී මධ්‍යම පරිසර අධිකාරියත් සීමාසහිත ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගමත් එක්ව පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලියට අනුගතව වාහන සේවා කටයුතු සිදු කිරීම පිළිබඳව සේවා ස්ථාන හිමියන්ට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම උදෙසා මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ජාතික පාරිසරික පනතට අනුව පාරිසරික ආරක්ෂණ බලපත්‍ර සහිතව ත්‍රී රෝද රථ හා යතුරු පැදි සේවා කටයුතු පවත්වාගෙන යාමේ නීතිමය අවශ්‍යතාව සහ පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගන්නා ආකාරය පිළිබඳවත්, පාරිසරික දූෂණ තත්ත්වයක් වලක්වා ගැනීම උදෙසා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිති හා උපමානයන්ට අනුකූලව සේවා කටයුතු පවත්වාගෙන යාම පිළිබඳවත්, සේවා කටයුතු සිදු කිරීමේ දී වි‍ශ්ලේෂණ වාර්තා ලබා ගන්නා ආකාරය පිළිබඳවත් දේශන කිහිපයක් ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. එම්. ආර්. ඉන්දුමතී මෙනවිය හා රසඥ එම්. පී. ප්‍රියන්ත මහතා විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ පරිසර නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

20190129 09474720190129 09510620190129 09521020190129 105847

 

Wednesday, 06 February 2019 05:04 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
රෝග නිවාරණයට දේශීය ඥාණය අපේ රටේ වසර දහස් ගණනක් තිස්සේ පරපුරෙන් පරපුරට රැකගෙන ආ... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න
වාර්ෂිකව සුහද හමුව - 2019 මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව... තවදුරටත් කියවන්න
ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් දැනුවත් කෙරේ ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් සහ... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන - 2019 පෙබරවාරි 02 සෑම වසරකම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය... තවදුරටත් කියවන්න