Tamil-SriLankaEnglish (UK)

ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් දැනුවත් කෙරේ

ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ පුහුණු වැසටහනක් පසුගිය දා (2019.01.22) මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු අජිත් මාන්නප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.
පරිසර නියමු වැඩසටහන පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ ජාතික වැදගත්කම අවධාරණය කරලීම උදෙසාත් පාසල් තුළ පරිසර නියමු වැඩසටහන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය වන මගපෙන්වීම කාර්යභාර ගුරුභවතුන් වෙත ලබාදීම උදෙසාත් මෙම පුහුණු වැසඩහටන මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය විසින් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහනට සහභාගී වූ පරිසර නියමු කාර්යභාර ගුරුභවතුන් හා විදුහල්පතිවරුන් අමතමින් මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය තුමන් පවසා සිටියේ වර්තමානයේ පවතින තරගකාරී අධ්‍යාපන රටාව තුළ පාසල් දරුවන් සක්‍රීයව දායක කරගනිමින් පරිසර සංරක්ෂණය උදෙසා පරිසර නියමු කාර්යභාර ගුරුමහත්ම මහත්මීන් සිදු කරන පාරිසරික සත්කාර්යය බෙහෙවින් අගය කරන බවයි.

ගම්පහ දිස්ත්‍රික්කය කසළින් තොර කලාපයක් කරා මෙහෙයවීමේ නියමුවන් වන්නේ පාසල් දරුවන් බවත් එම ඉලක්කය සාක්ෂාත් කරලීම උදෙසා පාසල් තුළින් සමාජය වෙත නිවැරදි පරමාදර්ශයක් සැපයීම වැදගත් වන බවත් හෙතෙම අවධාරණය කර සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ කසළ ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නැංවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම උදෙසා පෞද්ගලික ආයතනවල දායකත්වය ලබාගනිමින් ප්‍රතිචක්‍රීයකරණ ජාලයක් ඇතිකරලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් සැලසුම් කරමින් පවතින බව ද ඒ සඳහා ප්‍රදේශයේ පාසල් ද සම්බන්ධ කර ගැනීම නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යතුමන් මෙහි දී වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම වැසඩහටන සඳහා සම්පත් දායකයින් වශයෙන් සහභාගී වූ මධ්‍යම පරිසර අධිකාරියේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සහ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශයේ සහකාර අධ්‍යක්ෂ තමරා දිසානායක මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ වත්මන් පරිසර තත්ත්වය හා පරිසර ගැටලු පිළිබඳවත් පරිසර නියමු වැඩසටහන පිළිබඳවත් අවධාරණය කරමින් විශේෂ දේශන 02ක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මල්වාන මහතා, සහකාර අධ්‍යක්ෂ විජයානි අඹේගොඩ මහත්මිය සහ පරිසර නිලධාරීන් ඇතුළු ජෝන් කීල්ස් පුද්ගලික ආයතනයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

DSC 7114DSC 7117DSC 7122DSC 7129DSC 7132DSC 7183DSC 7189DSC 7158

Tuesday, 29 January 2019 08:26 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
රෝග නිවාරණයට දේශීය ඥාණය අපේ රටේ වසර දහස් ගණනක් තිස්සේ පරපුරෙන් පරපුරට රැකගෙන ආ... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න
වාර්ෂිකව සුහද හමුව - 2019 මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව... තවදුරටත් කියවන්න
ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් දැනුවත් කෙරේ ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් සහ... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන - 2019 පෙබරවාරි 02 සෑම වසරකම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය... තවදුරටත් කියවන්න