Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති වශයෙන් ඒ. ජේ. එම්. මුසාම්මිල් මහතා වැඩභාර ගනී.

මලයාසියාවේ ශ්‍රි ලංකා තානාපතිවරයා වශයෙන් සේවය කරමින් සිටින අතරතුර, ගරු පරිසර අමාත්‍යතුමන් වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ඒ. ජේ. එම්. මුසාම්මිල් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් පත්කර ඇත. බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බැකඩුව මාවතේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත 2019/01/14 දින පෙරවරුවේ පැමිණි නව සභාපතිවරයා නිලවශයෙන් සිය රාජකාරී ආරම්භ කළේය.

මෙම අවස්ථාවට එතුමන්ගේ පවුලේ හිතවතුන්, රාජ්‍ය ආයතන කිහිපයක උසස් නිලධාරීන් සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
නව සභාපතිතුමන්ව පිළිගැනීම සඳහා ආයතනයේ නිලධාරීන් චාම් උත්සවයක් සංවිධානය කර තිබු අතර, එහිදි අදහස් දක්වමින් ඒ. ජේ. එම්. මුසාම්මිල් මහතා පවසා සිටියේ, පරිසර විෂය පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් තිබෙන බවත්, කාලීන පරිසර ප්‍රවණතාවන්ට අනුව එය තවදුරටත් ප්‍රගුණ කළ යුතු බවත්ය. එසේම පරිසර අමාත්‍යතුමන් ලෙසින්, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මධ්‍යම පරිසර අධිකාරියේ කටයුතු පිළිබඳව විශේෂ අවධානයෙන් කටයුතු කරන බැවින් අපිට විශේෂ වගකීමක් පැවරෙන බවත් සඳහන් කළේය.
අභිනව සභාපතිතුමන් වෙත සුබ පැතුම් එක් කරමින් ආයතනයේ හිටපු සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා අවධාරණය කර සිටියේ ඉතාමත් දක්ෂ, අවංක නිලධාරීන් පිරිසක් සිටින, ඉතා හොඳින් වැඩ කරන ආයතනයක් ඔබතුමන් වෙත ලැබී ඇති බවයි.  පරිසරය සුරැකීම යන පොදු අරමුණු පෙරදැරීව වංචා, දූෂණ වලින් තොරව මේ නිලධාරීන් සේවය කරන බවත්, එම නිලධාරීන් සමඟින් නව සභාපතිතුමන්ට ඉතා දුරගමනක් යාම සඳහා ආශීර්වාද කරන බවත් පැවසීය.

IMG 9784IMG 9804IMG 9819IMG 9868IMG 9898IMG 9906

Wednesday, 16 January 2019 06:57 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
රෝග නිවාරණයට දේශීය ඥාණය අපේ රටේ වසර දහස් ගණනක් තිස්සේ පරපුරෙන් පරපුරට රැකගෙන ආ... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න
වාර්ෂිකව සුහද හමුව - 2019 මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව... තවදුරටත් කියවන්න
ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් දැනුවත් කෙරේ ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් සහ... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන - 2019 පෙබරවාරි 02 සෑම වසරකම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය... තවදුරටත් කියවන්න