Tamil-SriLankaEnglish (UK)

වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන විශේෂ රුක් රෝපණ වැඩසටහන - කහකුරුල්ලන්පැලැස්ස සිංහලයාගම හැරවුම් ඇළ ඉවුරේ රුක් රෝපණය

වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව මොනරාගල දිස්ත්‍රික් විශේෂ වැඩසටහනක් උමා ඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය - පහළ නිම්න සංවර්ධනය යටතේ වන කුඩා ඔය සිංහලයාගම හැරවුම් ඇළ ව්‍යාපෘති කාර්‍යාලයේ සහ මධ්‍යම පරිසර අධිකාරිය මොනරාගල දිස්ත්‍රික් කාර්‍යාලයේ සහයෝගීත්වය ඇතිව තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කහකුරුල්ලන්පැලැස්ස වැව වැඩිදියුණු කිරීම යටතේ ඉදිකරනු ලබන සිංහලයාගම හැරවුම් ඇළ ඉවුරේදී පසුගිය දා පවත්වනු ලැබිණි. මේ යටතේ අදාළ ඇළෙහි 1km පමණ වන දුර ප්‍රමාණයක් ඔස්සේ ඇළ ඉවුර දිගෙහි කුඹුක් හා කාය යන විශේෂ වලට අයත් පැළ 670කට අධික ප්‍රමාණයක් රෝපණය සඳහා කටයුතු යොදා තිබූ අතර මේ සඳහා ප්‍රදේශවාසීන්, පාසල් පරිසර නියමුවන් හා විශ්ව විද්‍යාල සිසුන්ගේ සහයෝගිත්වය ලබාගැනිණි.
ඇළ ඉදිකිරීම මගින් හානියට පත්වූ වන ආවරණය ප්‍රතිස්ථාපනය, ජල මූලාශ්‍ර ඉවුරු සංරක්ෂණය හා වාරි රක්ෂිත හරිත කලාපයක් බවට පත් කිරීමේ අරමුණු ඇතිව මෙම විශේෂ රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කේ. ජී. එස්. රුක්ෂාන් මහතා ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී ටී. එල්. ඒ. ප්‍රියංකර මහතා පරිසර නිලධාරී ඕ. ජී. ජේ. ආර්. ප්‍රේමවංශ මහතා හා කුඩා ඔය සිංහලයාගම හැරවුම් ඇළ කාර්යාලයේ නිලධාරීන් රතඹලාගම කනිටු විද්‍යාලයේ සහ කහකුරුල්ලන් පැලැස්ස කනිටු විදුහලේ පරිසර නියමුවන් මෙන්ම ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ස්වභාව ගවේෂණ කණ්ඩායමේ සිසු සිසුවියන් සහභාගී විය.

වනරෝපාජාතිකරුක්රෝපණවැඩසටහන
විශේෂරුක්රෝපණවැඩසටහන - කහකුරුල්ලන්පැලැස්සසිංහලයාගමහැරවුම්ඇළඉවුරේරුක්රෝපණය

1. සහකාර අධ්‍යක්ෂතුමා විසින් පැමිණ සිටි පිරිස පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම

2. වාරිමාර්ගඉංජිනේරුතුමන්අදහස්දක්වමින්

3. මො/රතඹලාගමකණිටුවිදුහලේපරිසරනියමුකණ්ඩායම්භාරගුරුමහතාඅදහස්දක්වමින්

4. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයීය ස්වභාව ගවේෂණ කණ්ඩායමනියෝජනයකරමින්සරසවිසිසුන්අදහස්දක්වමින්

5. රුක්රෝපණයේ අවස්ථා

47689355 2438215566195368 2630033016231034880 o47689567 2438210709529187 449337391153414144 o48099868 2438211942862397 6843176606807097344 o48266775 2438215419528716 2512372657740054528 o48277606 2438209492862642 6156999373034094592 o48363441 2438209736195951 8880329416920530944 o48379506 2438207782862813 2240644894559305728 o48382512 2438211809529077 2631288250488061952 o

 

Monday, 14 January 2019 09:49 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
රෝග නිවාරණයට දේශීය ඥාණය අපේ රටේ වසර දහස් ගණනක් තිස්සේ පරපුරෙන් පරපුරට රැකගෙන ආ... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න
වාර්ෂිකව සුහද හමුව - 2019 මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව... තවදුරටත් කියවන්න
ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් දැනුවත් කෙරේ ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් සහ... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන - 2019 පෙබරවාරි 02 සෑම වසරකම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය... තවදුරටත් කියවන්න