Tamil-SriLankaEnglish (UK)

තහනම් පොලිතීන් නිෂ්පාදන වැටලීම් වාර්ෂික ප්‍රගතිය.

2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන් ක්‍රියාත්මක වන පරිදි රජය විසින් පොලිතීන් භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය, අලෙවිය, ගබඩා කිරීම හා පරිභෝජනය තහනම් කරන ලදී. ලන්ච්ෂීට්, ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග් සහ කෑම බහාලන පෙට්ටි (පොලිස්ටයරින්) මෙසේ තහනම් කරන ලද නිෂ්පාදනයන්ය. මෙවැනි ද්‍රව්‍ය පරිභෝජනය නිසා පාරිසරික, සමාජයීය, ආර්ථික හා සෞඛ්‍ය ගැටළු ඇතිවීම මත මෙම නිෂ්පාදන තහනම් කිරීමට පියවර ගන්නා ලදී.
ජාත්‍යන්තර වශයෙන් ද බොහෝ රටවල් පොලිතීන් මගින් සිදුවන විවිධ ගැටළු හේතුවෙන් පොලිතීන් නිෂ්පාදනයන් තහනම් කර දිරායන පොලිතීන් භාවිතයට යොමුවී තිබෙනවා. දැනට වාර්තා වන තොරතුරු අනුව ලංකාවේ දිනකට ඒක පුද්ගල පොලිතීන් භාවිතය කිලෝග්රෑම් 0.5 බව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ආසන්න වශයෙන් ලන්ච් ෂිට් මිලියන 20 ක් පමණ හා ෂොපින් බෑග් මිලියන 15ක් පමණ ශ්‍රී ලංකාව තුළ දෛනිකව භාවිතා වන බව ද අනාවරණය වී තිබෙනවා.
මෙවන් වතාවරණයන් තුළ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ මාර්ගෝපදේශය මත මධ්‍යම පරිසර අධිකාරිය විසින් පොලිතීන් භාවිතය පාලනය කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලදී. ඒ අනුව 2017 සැප්තැම්බර් මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පොලිතීන් තහනමට අදාළ 2034/33, 2034/34, 2034/35, 2034/36, 2034/37 හා 2034/38 යන ගැසට් නිවේදන නිකුත් කර ඇත.
2018 වර්ෂය තුළ මෙම රෙගුලාසි ක්‍රියාත්මක කරමින් සමස්ත දිවයින්ම ආවරණය වන පරිදි වැටලීම් ක්‍රියාදාමයන් 10000 ක් සිදුකිරීමට සැලසුම් කළ අතර, පළාත් හා දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ ද සහයෝගය ඇතිව 2018 වර්ෂය තුළ වැටලීම් 10327 සිදුකරමින් සියයට 103 ක ප්‍රගතියක් පෙන්නුම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට හැකිවිය. මෙහිදී නීතී විරෝධී පොලිතීන් නිෂ්පාදන ආයතන, වෙළෙඳසැල් හා භාවිත කරන්නන් 500 කට ආසන්න වූ ප්‍රමාණයකට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ග ගනු ලැබිණ.
මෙම ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරි කාලසීමාව තුළ ද මෙවැනි නීතී විරෝධී පොලිතීන් නිෂ්පාදන ආයතන, වෙළෙඳසැල් හා භාවිත කරන්නන් පිළිබඳ ව වැටලිම් සිදුකරනු ලබන අතරම, ප්ලාස්ටික් හා පොලිතීන් වෙනුවට පරිසර හිතකාමී විකල්ප නිෂ්පාදනයන් හඳුන්වා දීමට ද බලාපොරොත්තු වේ.

015IMG 6011Sequence 01.Still009Sequence 01.Still021Sequence 01.Still030

Wednesday, 09 January 2019 08:04 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
රෝග නිවාරණයට දේශීය ඥාණය අපේ රටේ වසර දහස් ගණනක් තිස්සේ පරපුරෙන් පරපුරට රැකගෙන ආ... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න
වාර්ෂිකව සුහද හමුව - 2019 මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව... තවදුරටත් කියවන්න
ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් දැනුවත් කෙරේ ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් සහ... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන - 2019 පෙබරවාරි 02 සෑම වසරකම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය... තවදුරටත් කියවන්න