Tamil-SriLankaEnglish (UK)

රත්නපුර දිස්ත්‍රික්කයේ ජනාධිපති පදක්කම් අපේක්ෂිත පරිසර නියමුවන් අතර අත්දැකීම් හුවමාරු වැඩසටහන

රත්නපුර දිස්ත්‍රික්කයේ ස්වර්ණ පදක්කම්ලාභී සිසු දරුවන්ගේ පරිසර දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පසුගියදා සබරගමුව පළාත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් විශේෂ පරිසර අධ්‍යාපන වැඩමුළුවක් සිංහරාජ කුඩව සංරක්ෂණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. මේ සඳහා ඔමල්පේ දොරපනේ විද්‍යාලය, සීවලී විද්‍යාලය, බෝධිමළුව විද්‍යාලය හා නිවිතිගල පෑබොටුව විද්‍යාලය යන පාසල් වල ස්වර්ණ පදක්කම්ලාභී පරිසර නියමුවන් 23 දෙනෙකු සහභාගි විය.

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය,ගෝලීය පාරිසරික ගැටළු, කර්මාන්ත පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යනය සහ ව්‍යාපෘති වාර්තා සකස් කිරිම පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත් මෙහිදි සහභාගීවුවන්ට අවස්ථාව ලැබිණි. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනාධිපති පදක්කම් අපේක්ෂිත සිසු සිසුවියන් ද ජනාධිපති පදක්කම ලබාගැනීමට සූදානම් තම සහෝදර සිසු පිරිස සමඟ දැනුම බෙදාගැනීමද මෙහිදි සිදුවිය. එමෙන්ම සිංහරාජ වනය තුළ ජෛව විවිධත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීමට ක්ෂේත්‍ර අධ්‍යයනයක නිරතවිමටද හැකියාව ලැබිණි.

මෙම වැඩසටහනට සමගාමීව කුඩාව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 126 කගේ සහභාගීත්වයෙන් සිංහරාජ වනාන්තරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ කේ.ජි.ටී.එන්. කිරිඇල්ල, වන සංරක්ෂක දොපාර්තමේන්තුවේ වනපාලක අජිත් ජයසිංහ යන මහත්වරුන් සමඟ පරිසර නිලධාරින් සහභාගී වුහ.

20181128 081621 120181128 083044 120181128 100230 1IMG-20181205-WA0011

Wednesday, 09 January 2019 09:42 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න