Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි

2019 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ විවිධ ශ්‍රේණිවලට අයත් නිලධාරීන්ගේ සේවය ඇගයීමේ වැඩසටහන මෙවරද 2019 ජනවාරි මස 1 වැනි දින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීය.
අවුරුදු 20 ක් හා අවුරුදු 25 ක් සේවය කර ඇති සේවකයින් පිළිවෙළින් ලෝකඩ සහ රිදී පදක්කම් පිරිනැමූ අතර වසර 25 කට අධික සේවාවක් සිදු කල සේවක සේවිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු විය. තවද 2018 වර්ෂය තුළ දී අධිකාරියට විශිෂ්ට දායකත්වයක් පිරිනැමීම වෙනුවෙන්ද විශේෂ සම්මාන 4 ක් පිරිනැමුණි. මධ්‍යම පරිසර අධිකාරියේ මානව සම්පත් සංවර්ධන අංශය මෙම සැමරුම් උපහාර වැඩසටහන සංවිධානය කරන ලදි.
මීට අමතරව අධිකාරියේ සුබ සාධක සංගමය විසින් පසුගිය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහළින් සමත් අධිකාරි සේවක මහත්ම මහත්මීන්ගේ දරු දැරියන් සඳහා ත්‍යාග පිරිනමන ලදී.

IMG 9342IMG 9450IMG 9475IMG 9480IMG 9482IMG 9509IMG 9513IMG 9517IMG 9519IMG 9523IMG 9524IMG 9525IMG 9548IMG 9566IMG 9576IMG 9578

 

Friday, 04 January 2019 05:50 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න