Tamil-SriLankaEnglish (UK)

තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන ආහාර දවටන තොගයක්, ගම්පහ දී අත්අඩංගුවට ගනී....

මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2018 දෙසැම්බර් 19 දින ක්‍රියාත්මක වූ මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය ඒකාබද්ධ වැටලීම් අංශයේ, නිලධාරීන් විසින් ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ මොරුපොල ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක වැටලීම් සිදුකරන ලදී. වැටලීම් කරන අවස්ථාවේ එම කර්මාන්ත ශාලාවේ තිබූ රුපියල් ලක්ෂ 20ක පමණ වටිනාකමකින් යුක්ත තහනම් පොලිතීන් නිෂ්පාදන ටොන් 02ක්, තහනම් ආහාර දවටන නිෂ්පාදනයට යොදා ගන්නා වැඩි ඝනත්වයකින් යුත් පොලිඑතිලින් (HDPE) සහ කැල්සියම් තොගයක් සමග තහනම් පොලිතීන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණ ද අත්අඩංගුවට ගන්නා ලදී.

වැඩිදුරටත් පරික්ෂා කිරිමේ දී පරිසර ආරක්ෂණ බලපත්‍රය, වෙළෙඳ ලියාපදිංචිය හා වෙ‍ළෙඳ බලපත්‍රය නොමැතිව මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගිය බව අනාවරණය වී ඇත. එම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ 2017/09/01 දිනැති 2034/34 යන ගැසට් නිවේදනයට අනුව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර නීතීමය පියවර ගැනීමට ද කටයුතු කරන ලදී.

පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන් නිෂ්පාදන කිහිපයක් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වනදා සිට තහනමට ලක් කළ අතර, මේ වන විට විකල්ප ලෙස පරිසර හිතකාමී නිෂ්පාදන වෙළෙඳපොලවල් කරා පැමිණෙමින් පවතී. එසේ වුවද ඇතැම් ව්‍යාපාරිකයින් විසින් වැඩි ලාභ අපේක්ෂාවෙන් තවදුරටත් මෙම තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරමින් අලෙවි කිරීමට කටයුතු කරන අවස්ථා ද වේ. තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන්නන්, බෙදාහරින්නන් සහ අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය අඛණ්ඩව වැටලීම් කටයුතු සිදුකරයි.

IMG 8421IMG 8425IMG 8435IMG 8449IMG 8456

Wednesday, 26 December 2018 08:24 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න