Tamil-SriLankaEnglish (UK)

ඩෙංගු මර්දන වැඩසටහන-2018

ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ බව සැලකිල්ලට ගනිමින් බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමග එක්ව මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2018 දෙසැම්බර් මස 18 වන දින ඩෙංගු මර්දන වැඩසටහනක් සංවිධානය කරන ලදී. අඛණ්ඩව මාසික ව පවත්වන වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පොල් වගා කිරිමේ මණ්ඩලය, කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, කඩුවෙල මහනගර සභාව, තලංගම පොලිසීය, ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව, පළාත් අදායම් බදු දෙපාර්තමේන්තුව, හවායි අවන්හල, සිරිලක් වෙළෙඳ සැල ආදී රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් නිලධාරීන් 90 ක් පමණ මෙම වැඩසටහනට සහභාගී වූහ.

මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ, මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ගාමිණි ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, කොළඹ දිස්ත්‍රික්කය තුළ වැසි සමයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් සිදුවන නමුත්, සියලු ආයතන එක්ව සිදුකරන මෙම වැඩසටහන හේතුවෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත හා රොබට් ගුණවර්ධන මාවත ආශ්‍රිත ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තා නොවීම සතුටට කරුණක් වන බවයි.
රාජ්‍ය, පෞද්ගලික ආයතන මෙන්ම නිවාස අවට පරික්ෂා කිරිම හා නීතීමය පියවර ගැනීමට පෙර මදුරුවන් බෝවීමට හැකි ස්ථාන පිළිබඳව ජනතාව දැනුවත් කර එයින් ඩෙංගු වසංගතය පැතිරිම වැළැක්වීමට පියවර ගැනීම මෙම වැඩසටහනේ මුලික අරමුණයි.

IMG 8353IMG 8355IMG 8369IMG 8388IMG 8391IMG 8404

Wednesday, 19 December 2018 10:22 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න