Tamil-SriLankaEnglish (UK)

ගුවන් ආවේක්ෂණ (Air Surveillance) මෙහෙයුම් වඩාත් ඵලදායී ලෙස සිදුකිරීම සඳහා අවශ්‍ය සම්බන්ධතා ගොඩනඟා ගැනීම

අතිගරු ජනාධිපතිතුමා‍ගේ සංකල්පයක් මත ශ්‍රි ලංකා ගුවන් හමුදාපතිතුමාගේ අධීක්ෂණය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විශේෂිත ගුවන් යානා හා පුහුණුව ලත් කණ්ඩායම් යොදාගනිමින් සිදුකරනු ලබන ගුවන් නිරීක්ෂණ යාන්ත්‍රණය, පරිසර ආරක්ෂාව සහ කළමනාකරණය සඳහා ද යොදාගනු ලැබේ.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සභාපතිතුමාගේ හා අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන කාර්යාලයේ ඉහල කළමනාකාරීත්වය ‍වෙත 2018/09/12 දින ගුවන් හමුදා නිළධාරීන් විසින් සිදු කරන ලදී. මෙම ගුවන් ආවේක්ෂණ / නිරීක්ෂණ කණ්ඩයම විසින් දිවයින කලාප 07 කට බෙදා වෙන් කර දෛනික සිදුකරනු ලබන ගුවන් නිරීක්ෂණ මඟින් මාස 01 ක් තුල මුළු දිවයිනම නිරීක්ෂණය කරනු ලබයි. ඊට අමතරව යම් ආයතනයක ඉල්ලීම පරිදි හදිසි අවශ්‍යතාවයන් මත වු නිරීක්ෂණ සඳහා කෙටි දුර පියාසර ඩ්‍රෝන (Drowns) යානා යොදාගැනීමට හැකියාව තිබේ.
ඒ අනුව ශ්‍රි ලංකාවේ පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යය භාරය කාර්යක්ෂමව ඉටු කරගැනීමටත් ඉතා වැදගත් තීරණ කඩිනමින් ගැනීමටත් සහ පරිසර පසුවිපරම් කටයුතු වලදී ගුවන් ආවේක්ෂණ මෙහෙයුම් මඟින් ලබාගත හැකි දායකත්වය අති මහත්ය. එබැවින් මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018-12-14 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. එම වැඩසටහන සභාපතිතුමාගේ මුලිකත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රධාන කාර්යාල වල නිළධාරීන් සහ ගුවන් හමුදා නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.
මෙහිදී වැඩසටහනේ මුලික අරමුණ පැහැදිලි කරමින් නව තාක්ෂණය පරිසර සංරක්ෂණය හා කළමනාකරණය මධ්‍යම පරිසර අධිකාරියේ රාජකාරී කටයුතු සඳහා යොදාගැනීමේ වැදගත්කම සභාපතිතුමා විසින් පැහැදිලි කරන ලදී.
ශ්‍රි ලංකාවේ පරිසර කළමනාකරණය සඳහා ඩ්‍රෝන (Drone) තාක්ෂණය ඵලදායී ලෙස භාවිතය සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව හඳුන්වා දීම පිළිබඳ විද්වත් දේශනය ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිළධාරී, උපදේශක- නැනෝ තාක්ෂණය, (SLINTEC)මංජු ගුණවර්ධන මහතා විසින් පවත්වන ලදී.

ගුවන් ආවේක්ෂණය පිළිබඳව මුලික හැඳින්වීමක් ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ බුද්ධි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු ඩී.එම්.ජේ. වාසගේ මහතා විසින් පැවැත්වු අතර පරිසර සම්පත් කළමනාකරණයේදී මධ්‍යම පරිසර අධිකාරිය කාර්යභාරය කාර්යක්ෂමව ඉටු කරගැනීම සඳහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක ගුවන් ආවේක්ෂණ මෙහෙයුම් මඟින් ලබාගත හැකි දායකත්වය සහ අදාල ක්‍රමවේදයන් න්‍යායාත්මක සහ ප්‍රායෝගික භාවිතය පිළිබඳ දේශනය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ බලඝණ නායක රුක්ෂාන් ගම්ලක්ෂගේ මහතා විසින් සිදුකරන ලදී.

මෙම අගනා තාක්ෂණය පරිසර කළමනාකරණය සඳහා සාර්ථකව උපයෝගී කර ගන්නා ආකාරය පිළිබඳව දෙපාර්ශවය විසින් එකඟතාවයකට පැමිණෙන ලදී.

IMG 7029IMG 7031IMG 7042IMG 7045IMG 7051IMG 7063IMG 7059IMG 7069IMG 7075IMG 7097IMG 7083

Wednesday, 19 December 2018 08:30 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න