Tamil-SriLankaEnglish (UK)

අපද්‍රව්‍ය ප්‍රවාහ සහ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය පිළිබඳ සමීක්ෂණයේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ සම්මන්ත්‍රණය

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මගින් 2017 පෙබරවාරි මස සිට 2019 දක්වා ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ පරිසර දූෂණය පාලනය කිරීම සහ පරිසර දූෂණය අවම කිරීම (ReEb Waste) නමින් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකය.
ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වලින් එකක් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සහ පාර්ශවකාර නියෝජිතයන් සමග එකඟ වූ පරිදි නිර්ණායක පදනම් කරගෙන කුරුණෑගල මහා නගර සභාව, රත්නපුර මහා නගර සභාව සහ කතරගම ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන සඳහා නියමු ව්‍යාපෘති 03ක් ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ කුරුණෑගල මහා නගර සභාවේ දැනට පවතින බිම් පිරවුමේ භූගත ජලය දූෂණය වීම පාලනය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම, කතරගම ප්‍රාදේශීය සභාව තුළ පවතින බිම් පිරවුම වැඩිදියුණු කිරීම මෙන්ම රත්නපුර මහ නගර සභාව සහ කතරගම ප්‍රාදේශීය සභාව තුළ 3R සංකල්පයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම හා කසළ වෙන් කර එකතු කිරීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රජා සහභාගීත්වය වැඩි කිරීම සිදු කරන ලදී.
ඒ අනුව, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය ඇසුරින් කරන ලද සමික්ෂණයක තොරතුරු සමාජගත කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගිය දෙසැම්බර් 13 වනදා කොලඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මධ්‍යම පරිසර අධිකාරිය හා ජපන් ආර්ථික සහයෝගීතා ඒජන්සිය හෙවත් ජයිකා ව්‍යාපෘතිය මගින් කතරගම, රත්නපුර හා කුරුණෑගල මහ නගර සභාවල අපද්‍රව්‍ය ප්‍රවාහය ආශ්‍රිතව සිදුකරන ලද කසල බිම් පිරවුම් සමික්ෂණයේ තොරතුරු මෙලෙස සමාජගත කෙරිණි. මේ හරහා විධිමත් වැඩපිළිවෙලක් යටතේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාදාමය සිදුකිරිමට සැලසුම් කර ඇත.
ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලිය ආශ්‍රිතව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කෙරුණු මෙම සම්මන්ත්‍රණය සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්, හා කසළ කළමනාකරණය භාර නිලධාරීන්, කසළ ප්‍රතිචක්‍රිකරණය කරන්නන්, ප්‍රතිචක්‍රිකරණය කළ හැකි කසළ එකතුකරන්නන් මෙන්ම ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය, ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් 200කට අධික පිරිසක් සහභාගී විය.

IMG 6955IMG 6965IMG 6978IMG 6994IMG 7002IMG 7006

Untitled-1

Tuesday, 18 December 2018 07:25 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න