Tamil-SriLankaEnglish (UK)

රෝග නිවාරණයට දේශීය ඥාණය

අපේ රටේ වසර දහස් ගණනක් තිස්සේ පරපුරෙන් පරපුරට රැකගෙන ආ දේශීය දැනුම තුළ ඉතාමත් වැදගත් අංගයක් වන දේශීය වෙදකම හා එහි සාම්ප්‍රදායික දැනුම තුළින් රෝග නිවරණය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් 11 වන දා මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවැත්විය. මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික පරිසර තොරතුරු මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ගම්පහ වික්‍රමාරචිචි ආයූර්වේද ආයතනයේ, ජ්‍යෙෂ්ඨ පුස්තකාලයාධිපති, ආචාර්ය ආර්. ඩී. ආනන්ද තිස්ස මහතා විසින් මෙම දේශීය දැනුම රෝග නිවාරණයේදී වැදගත්වන අන්දම පහදා දෙන ලදී. නිවැරදි ආහාර රටාවක් ඔස්සේ නීරෝගී ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය කරුණු ද මෙතුමන් විසින් ඉදිරිපත් කරන ලදී.
පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී ජයසිංහ මහතා, පරිසර බලපෑම හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ද සිල්වා මහත්මිය, පරිසර ප්‍රවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා ශ්‍යාමනී පෙරියප්පෙරුම මහත්මිය, ජාතික පරිසර තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා දාබරේ යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ සඳහා සහභාගී වූහ.

IMG 6816IMG 6825IMG 6826IMG 6830

Friday, 14 December 2018 09:20 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න