Tamil-SriLankaEnglish (UK)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය.

2017 වර්ෂයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදේශනයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කරන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, අන්තරායක හා සායනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව තාක්ෂණික මෙන්ම ප්‍රායෝගික දැනුම ද ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් වෙත ලබාදෙන ලදී.
මෙම වැඩසටහන පුළුල් කරමින්,  දිවයින පුරා පිහිටි ගුවන් හමුදා කඳවුරු ආවරණය කරමින් තෝරාගත් පිරිස් සඳහා මෙම තාක්ෂණික දැනුම හුවමාරු කිරිමේ වැඩසටහන් සිදුකරන ලදී.
එහි ප්‍රගති සමාලෝචන වැඩසටහනක් පසුගිය නොවැම්බර් 27 වනදා පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේදි පැවැත්වු අතර, එහිදී ඔවුන්ගේ මූල්‍ය ප්‍රගතිය විස්තර කරන ලදී.
සනීපාරක්ෂක කසළ රඳවන ක්‍රමවේදය පිළිබඳව ගුවන් හමුදා නිලධාරීන්ගේ  දැනුම වර්ධනය කරලීම සඳහා දොම්පේ පිහිටි සනීපාරක්ෂක බිම් පිරවුම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරික්ෂණයක් ද  සිදුකරන ලදී. කොම්පෝස්ට් නිෂ්පාදනය හා තත්ත්ව පාලනය, කසළ රඳවනයක කළමනාකරණය යනාදී කරුණු පිළිබඳව ප්‍රායෝගික දැනුම ද මෙහිදී අදාළ නිලධාරීන්ට ලබා දෙන ලදී.

 

IMG 6014IMG 6023IMG 6033IMG 6042IMG 6054IMG 6064IMG 6070IMG 6080

Tuesday, 11 December 2018 09:15 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න