Tamil-SriLankaEnglish (UK)

කොළඹ දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

අවම මට්ටමේ පරිසර දූෂණයක් සිදුකරන එනම් සී ඛාණ්ඩයේ කර්මාන්තායතන සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීමට පලාත් පාලන ආයතනවලට අවශ්‍ය බලතල ලබාදීම සහ ඒ පිළිබඳ දැනුම්වත් කිරීම පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියයේ දී සිදුවිය. මේ සඳහා බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල නිලධාරීන් 50කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. මෙහිදී පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදය පිළිබඳවත්, එම ක්‍රියාවලියේ වැදගත්කම, එහි නීතීමය පසුබිම, බලපත්‍ර ක්‍රමවේදය සඳහා අයදුම්කරන ආකාරය, බලපත්‍ර නිකුත් කිරිම හා අළුත් කිරීම වැනි මාතෘකා ඔස්සේ සහභාගීවූවන් මනාව දැනුම්වත් කරන ලදී. පරිසර දූෂණ පාලන අංශය හා බස්නාහිර දිස්ත්‍රික් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ උසස් නිලධාරීන්ගේ සම්පත් දායකත්වය සහ සහාය ලැබිනි.

IMG 6480IMG 6486IMG 6488IMG 6495IMG 6502

Tuesday, 11 December 2018 03:10 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න