Tamil-SriLankaEnglish (UK)

යෝජිත බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය හා ඒ ආශ්‍රිත කටයුතු නැරඹීමේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව

පරිසර බලපෑම් ඇගයීම් ඒකකය විසින් පරිසර බලපෑම් ඇගයීම් අධ්‍යයන ක්‍රියාවලිය පිළිබඳ ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමේ අරමුණ ඇතිව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සඳහා වාර්ෂිකව ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවන් සංවිධානය කරනු ලබයි.
ඒ අනුව 2018 වර්ෂයේදී පරිසර බලපෑම් ඇගයීම් ඒකකයේ නිලධාරීන් ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් 60 දෙනෙකු සඳහා යෝජිත 35MW බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය හා ඒ ආශ්‍රිත ඉදිකිරීම් කටයුතු නැරඹීමේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව 2018.11.15 දින පවත්වන ලදී. මෙම යෝජිත බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරිය මඟින් අනුමැතිය ලබාදුන් ව්‍යාපෘතියකි.
මෙම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියේ නිලධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් ජලවිදුලි බලාගාරය පිළිබඳව හැඳින්වීමක් සිදු කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවට පිරිස සහභාගී වන ලදී.
එම ක්‍ෂේත්‍ර අධ්‍යයන චාරිකාවේදී දැනට ඉදිවෙමින් පවතින බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලාගාරයේ මස්කෙලි ඔය හරහා ඉදිකරනු ලබන ප්‍රධාන වේල්ල, කෙහෙල්ගමු ඔය හරහා ඉදිකරනු ලබන හැරවුම් වේල්ල, උමන් මාර්ගය, බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය ඇතුළු සියළු ඉදිකිරීම් කටයුතු නැරඹීමට හා අධ්‍යයනය කිරීමට අවස්ථාව සලසා දෙන ලදී. එසේම මෙම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව අතරතුරදී එම ව්‍යාපෘති කටයුතු සහ ප්‍රගතිය ද පසුවිපරම් කරන ලදී.

IMG-3105a02b6778cb51b2aa790de9ead1b1-VIMG-20181121-WA0000IMG-20181121-WA0003IMG-20181121-WA0004IMG-20181121-WA0008IMG 20181115 155410received 504264953395972

Tuesday, 27 November 2018 10:23 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න