Tamil-SriLankaEnglish (UK)

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධති පිළිබද වැඩමුළුව

පරිසර බලපෑම් ඇගයීම් ඒකකය විසින් මධ්‍යම පරිසර අධිකා‍රියේ නිලධාරීන්ගේ තාක්ෂණික හා විෂය දැනුම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව පරිසර බලපෑම් ඇගයීමේ ක්‍රියාවලියට අදාලව විෂයානුබද්ධ දේශන හා වැඩමුළු සංවිධානය කරනු ලබයි.
ඒ අනුව පරිසර බලපෑම් ඇගයීම් ඒකකයේ නිලධාරීන් ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් 65 දෙනෙකු සඳහා ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධති පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුව පැලවත්ත, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානයේදී (CETRAC) 2018.11.13 වන දින පවත්වන ලදී.
මෙම වැඩමුළුව පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර සම්පත් දායකයින් ලෙස සමුද්‍රීය පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් මහතා සහ IUCN ආයතනයේ උපදේශක ආර්ජන් රාජසූරිය මහතා සහභාගී විය.
එහිදී ආචාර්ය ටර්නි ප්‍රදීප් මහතා විසින් සමුද්‍රීය පරිසර පද්ධති ආරක්ෂාව හා සංරක්ෂණය සහ ඒ පිළිබඳව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ කාර්යභාරය යන මාතෘකාව සහ ආර්ජන් රාජසූරිය මහතා විසින් ශ්‍රී ලංකාවේ සංවේදී සමුද්‍රීය පරිසර පද්ධති හා ඒ ආශ්‍රිතව පවතින තර්ජන යන මාතෘකාවන් ඔස්සේ තම දේශන මෙහෙයවන ලදී.

20181113 09104320181113 09105220181113 09181220181113 143152

Tuesday, 27 November 2018 07:01 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න