Tamil-SriLankaEnglish (UK)

පරිසර බලපෑම් ඇගයීම් ඒකකය විසින් පළාත් කාර්යාලීය නිලධාරීන්පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අදාල දැනුවත් කිරීමේ වැඩසටහන

පරිසර බලපෑම් ඇගයීම් ඒකකය විසින් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය හා ඒ ආශ්‍රිත ගැටළු නිරාකරණය කිරීම පිළිබඳ දැනුවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් කාර්යාලීය නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩ සටහන් සංවිධානය කරනු ලබයි.
ඒ අනුව මීට අදාලව 2018 වර්ෂයේ 05 වන වැඩසටහන උතුරු පළාත් කාර්යාලීය නිලධාරීන් සඳහා 2018.10.29 සහ 30 යන දෙදින යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. (Integrated Farm & Training Center Faculty of Agriculture, university of Jaffna, Parasankulam, Puliankulam)
මේ සඳහා පරිසර කළමනාකරණ හා ඇගයීම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ද සිල්වා මිය, පරිසර බලපෑම් ඇගයීම් ඒකකයේ වැ.බ. අධ්‍යක්ෂිකා නිල්මිණි අත්තනායක මහත්මිය, සහකාර අධ්‍යක්ෂ පී.වී.එස්. ශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු හා උතුරු පළාත් කාර්යාලයේ ස්ථානභාර නිලධාරී සහකාර අධ්‍යක්ෂ සුබෝහරන් මහතා ඇතුළු නිලධාරීන් 50 දෙනෙකු පමණ සහභාගී විය.
මෙහිදී දේශන මෙන්ම විවිධ ක්‍රියාකාරකම්වලින් යුත් වැඩමුළුවක් පැවැත්වුණු අතර නිලධාරීන් සඳහා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා‍වක් ද සිදු කරනු ලදී.
ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා‍ව සඳහා වවුනියාව ප්‍රදේශයේ පිහිටි සූර්යබල විදුලි ව්‍යාපෘතිය (VYDEXA LANKA - Solar Power Plant) නැරඹීම සඳහා අවස්ථාව සලසා දෙන ලදී.

45892993 346705982557242 3041114579628195840 n45950177 345970256165371 3595995775559008256 n45960868 522451238232013 9158401001416294400 n46128242 2254474788155886 4282992974423392256 n246157156 369851553812351 9089848508713795584 n46206213 354014231840259 8280211190181789696 n46072383 702014210185176 2812596382173495296 n

 

Tuesday, 27 November 2018 06:49 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න