Tamil-SriLankaEnglish (UK)

තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන ආහාර දවටන තොගයක්, ගනේමුල්ලේ දී අත්අඩංගුවට ගනී....

පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන් නිෂ්පාදන කීපයක් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වනදා පටන් තහනමට ලක් කළ අතර, මේ වන විට පරිසර හිතකාමී නිෂ්පාදන වෙළෙඳපොලවල් කරා පැමිණෙමින් පවතී. එසේ වුවත් කූට ව්‍යාපාරික පන්තියක් විසින් වැඩි ලාභ අපේක්ෂාවෙන් තවදුරටත් මෙම තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරමින් අලෙවි කිරීමට කටයුතු කරන අවස්ථා ද වාර්තා වෙමින් පවතී. මධ්‍යම පරිසර අධිකාරියත්, පාරිභෝගික සේවා අධිකාරියත් සමග පරිසර පොලිස් ඒකකය ඒකාබද්ධව තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන්නන්, බෙදාහරින්නන් සහ අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කටයුතු කරනු ලබයි.


මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2018 නොවැම්බර් 14 දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීම් සිදුකරන ලදී. රුපියල් ලක්ෂ 13ක වටිනාකමකින් යුක්ත වූ තහනම් පොලිතීන් නිෂ්පාදන ආහාර දවටන කිලෝ ග්රැම් 850 ක් පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. එම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ 2017/09/01 දිනැති 2034/34 යන ගැසට් නිවේදනයට අනුව නීතීමය පියවර ගැනීමට ද කටයුතු කටයුතු කරන ලදී.


මෙම ආයතනය පවත්වාගෙන යාමේ දී කර්මාන්තකරු විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන ඇති අතර, එහි කොන්දේසි උල්ලංඝනය කරමින්, තහනම් පොලිතීන් නිෂ්පාදන කටයුතු සිදුකර ඇති බව විමර්ශනයේ දී අනාවරණය විය.

Sequence 01.Still004Sequence 01.Still006Sequence 01.Still007Sequence 01.Still008Sequence 01.Still017

 

Monday, 19 November 2018 04:00 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න