Tamil-SriLankaEnglish (UK)

පුස්තකාලයාධිපතිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක්

මහජන පුස්තකාල තුළින් ජනතාවගේ පාරිසරික දැනුම්වත්භාවය වැඩිදියුණු කිරිමපිළිබඳව විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය ඔක්තෝබර් මස 26 වන දිනමධ්‍යම පරිසර අධිකාරියේදී පැවැත්විණි. මධ්‍යම පරිසර අධිකාරියේ ජාතිකපාරිසරික තොරතුරු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන මෙම වැඩසටහන සඳහාබස්නාහිර පළාතේ නගරසභා සහ ප්‍රාදේශීයසභාවල සේවය කරන පුස්තකාලයාධිපතිවරුන් 200ක් පමණ සහභාගී වූහ.

නිවැරදි කසල කළමනාකරණයෙන් යහපත් පරිසරයක්, තිරසරසංවර්ධනය හා පරිසර අධ්‍යාපනය, පාරිසරික තොරතුරු හා ජාතික පාරිසරික තොරතුරුමධ්‍යස්ථානය වැනි කාලෝචිත මාතෘකා යටතේ මෙහිදී විද්වත් දේශන පවත්වන ලදී. මෙමඅවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි ජයසිංහ මහතා, පරිසර කළමණාකරන හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ද සිල්වා මහත්මිය, ජාතිකපාරිසරික තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා දාබරේ මහත්මියඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගීවුහ.

මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය ජනාධිපති ලේකම් කාර්යයාලයේ පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මඟින් ලබා දෙන ලදී.

IMG 5153IMG 5158IMG 5163IMG 5189IMG 5192IMG 5197IMG 5218IMG 5218IMG 5218IMG 5231IMG 5246

Thursday, 01 November 2018 08:11 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

katupol11

polythene sin

ecosin

addsin

ReEBwaste

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න
පුස්තකාලයාධිපතිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහජන පුස්තකාල තුළින් ජනතාවගේ පාරිසරික දැනුම්වත්භාවය... තවදුරටත් කියවන්න