Tamil-SriLankaEnglish (UK)

තිරසර සංවර්ධන උපායමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

තිරසර සංවර්ධන විෂය ක්ෂේත්‍රය, වර්තමානය වන විට ඉතා පුළුල් ආකාරයෙන් ලෝක මට්ටමින් කතාබහට ලක්වූ විෂයයක් බවට පත් වී ඇත. වේගවත් සංවර්ධනයත් සමඟම විශාල වශයෙන් පැන නැගුනු පරිසරික ගැටළු අවම කිරීමට මෙමඟින් කටයුතු කරනු ලැබේ. මෙහි මූලීක අරමුණ වන්නේ පරිසරයත් රැකගනිමින් සංවර්ධන ඉලක්ක ජයග්‍රහණය කිරිමයි. මෙම පුළුල් වැඩපිළිවෙල මෙරට සමාජය තුළ බලගැන්වීම සඳහා අවශ්‍ය විවිධ දැනුම්වත්කිරීම් රජය මගින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව තිරසර සංවර්ධනයේ නව ප්‍රවණතා පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා ස්වාධින රූපවාහිනී ආයතනයේ සභාපති හා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, තිලකා ජයසුන්දර මහත්මිය විසින් පවත්වන දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2018 ඔක්තෝම්බර් 16 දින මධ්‍යම පරිසර අධිකාරියේදී පැවැත්වීය.
මෙම වැඩසටහනේ දී ඇය විසින් ශ්‍රී ලංකාව තුල මෙම උපායමාර්ග ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳ දීර්ඝව විස්තර කරන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමන් චන්ද්‍රරත්න පල්ලෙගම මහතාගේ ප්‍රදානත්වයේන් පැවති මෙම වැඩසටහන සඳහා කාර්යය මණ්ඩලය ඉතා වුවමනාවෙන් සහාභාගි විය.

IMG 4326IMG 4327IMG 4330IMG 4332IMG 4344IMG 4355

 

Thursday, 25 October 2018 03:12 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

katupol11

polythene sin

ecosin

addsin

ReEBwaste

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න
පුස්තකාලයාධිපතිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහජන පුස්තකාල තුළින් ජනතාවගේ පාරිසරික දැනුම්වත්භාවය... තවදුරටත් කියවන්න