Tamil-SriLankaEnglish (UK)

“පරිසරය අප රකියි - රකිමු අපි පරිසරය” 14 වන පරිසර නියමු ජාතික කඳවුර ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ පරිශ්‍රයේදී නිමාවිය..

මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්‍ය සැප්තැම්බර් මස 19, 20, 21 හා 22 යන දිනවලදී ත්‍රිකුණාමලය, නාවික සාගරික විද්‍යාපීඨ පරිශ්‍රයේදී පවත්වන ලදී. පාසල් 60ක පරිසර නියමුවන් 375ක් ඇතුළත්ව 530 ක පමණ පිරිසක් සෑම ජාතියක්ම නියෝජනය කරමින් මෙවර කඳවුර සඳහා සහභාගී වූහ.
කඳවුරේ සමාරම්භක උළෙල සැප්තැම්බර් මස 20 දින පෙරවරු 9.00 ට පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මැතිතුමන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මැතිතුමා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සහ නාවික හමුදාවේ නාවික කොමදෝරු එස්.කේ.එස්. පත්බේරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මෙම කඳවුර පැවැත්වීමේ මූලික පරමාර්ථය වුයේ, පරිසර අධ්‍යාපනය, ආකල්ප වෙනස් කිරීම හා ප්‍රායෝගික දැනුම පරිසර නියමුවන්ට ලබාදීම තුළින් පාසල් ප්‍රජාවට පරිසර සංරක්ෂණ පණිවිඩය සන්නිවේදනය කිරීමයි. කදවුරේ සමාරම්භක උළෙලේ දර්ශනීය නර්තන ඉදිරිපත් කිරීම් ත්‍රිකුණාමලය මොල්ලිපතාන මහා විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය ශ්‍රී ෂන්මුග දෙමළ බාලිකා විද්‍යාලයේ සිසුන් විසින් සිදුකරන ලදී.

මෙවර ක්ෂේත්‍ර චාරිකා සඳහා ප්‍රීමා කර්මාන්තය, මිට්ෂුයි සිමෙන්ති කර්මාන්තය, නාවික කෞතුකාගාරය, සහ සයුරල නෞකාව තෝරා ගත් අතර, පරිසර නියමුවන්ට වඩා ඵලදායි දැනුමක් ලබාගැනීමට එය හේතුවිය. මෙම කඳවුරේ දී පරිසර නියමුවන්ට විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව දැනුම වර්ධනය කිරිම සඳහා කාලීන ව වැදගත් මාතෘකා ඔස්සේ දේශන සංවිධානය කිරීමට ද කටයුතු කළ අතර, සමුද්‍රීය පරිසරය පිළිබඳව දේශනය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නී ප්‍රදීප් මහතා විසින් සිදුකරන ලදී. පරිසර හිතකාමී කර්මාන්ත පිළිබඳ දේශනය MAS ක්‍රීඩා ආයතනයේ නියෝජ්‍ය සමාන්‍යාධීකාරි එරංග දිල්හාන් මහතා විසින් සිදුකරන ලදී.


සෑම දිනකම පරිසර නියමු දරුවන් විසින් පරිසරය තේමා කරගත් සංස්කෘතිකාංග නිර්මාණය කර රගදැක්වීම සිදුකළ අතර, ජන සංගීතය හා බෙරවාදනය යන තේමාවෙන් ප්‍රවීණ කලා ශිල්පි රවිබන්දු විද්‍යාපති මහතා විසින් ප්‍රාසාංගික දේශනයක් ද පවත්වන ලදී.

රන්ගිරි ගුවන් විදුලි නාලිකාව, මෙවර කදවුරේ සජිව මාධ්‍ය මෙහෙවර සිදුකරන ලදී. එමෙන්ම පරිසර නියමුවන්ගේ ක්‍රියාකාරකම් අළලා රූපවාහිනි වාර්තා වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගන්නා ලදී. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ පරිශ්‍රයේදී සැප්තැම්බර් මස 22 වන දින සාර්ථකව නිමාවූ 14 වන ජාතික පරිසර නියමු කඳුවර, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය විසින් සංවිධානය කරන ලදී.

DSC 6003DSC 6046DSC 6090DSC 6338DSC 6382DSC 6399DSC 6402DSC 6419DSC 6425DSC 6582DSC 6594DSC 6665DSC 6754DSC 6791DSC 6884DSC 6974DSC 7057DSC 7059DSC 7093DSC 7099DSC 7157DSC 7215grpIMG 1757IMG 1983IMG 2035IMG 2108IMG 2270IMG 2394 yIMG 2653IMG 2738IMG 2945IMG 2992IMG 3311IMG 3387IMG 3428IMG 3524IMG 3549

Thursday, 11 October 2018 08:58 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න