Tamil-SriLankaEnglish (UK)

අත්තිඩිය “සොබාකෙත ක්ෂේත්‍ර මධ්‍යස්ථාන” නව මුහුණුවරකින් විවෘත කෙරේ….

ජනතාව වෙත පරිසර දැනුම හා ක්ෂේත්‍ර අත්දැකීම් ලබාදීමේ අරමුණින් “සොබාකෙත ක්ෂේත්‍ර මධ්‍යස්ථාන” කිහිපයක් රූමස්සල, අත්තිඩිය, කුණ්ඩසාලේ, කෑගල්ල යන ස්ථානවල පිහිටුවා ඇත.
මෙම සොබාකෙත මධ්‍යස්ථානවලින් පාසල් දරුවන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම පරිසර හිතකාමී ඕනෑම අයෙක්ට තම දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව හිමිවේ. ඒ අනුව පසුගියදා බස්නාහිර පළාතේ පිහිටුවා ඇති අත්තිඩිය සොබාකෙත මධ්‍යස්ථානය නව මුහුණුවරකින් විවෘත කිරිම සිදුවිය. මෙම අවස්ථාවට පිළියන්දල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ පරිසර නියමුවන් 45 දෙනෙක් පමණ සහභාගී වූ අතර ඔවුන් සඳහා පාරිසරික දේශනවලට සවන්දීමට සහ ක්ෂේත්‍ර අධ්‍යයනයක නිරත වීමට අවස්ථාව ලැබිණි. මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම, පරිසර ප්‍රවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා ශ්‍යාමනි පෙරියප්පෙරුම, රත්මලාන ප්‍රාදේශීය ලේකම් ඩි.ඒ.එච්. පියතිලක යන මහත්ම මහත්මීන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලයේ නිලධාරින් සහභාගී වූහ.

IMG 1477IMG 1514IMG 1530IMG 1535IMG 1572IMG 1589IMG 1603

Wednesday, 26 September 2018 04:37 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න
පුස්තකාලයාධිපතිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහජන පුස්තකාල තුළින් ජනතාවගේ පාරිසරික දැනුම්වත්භාවය... තවදුරටත් කියවන්න