Tamil-SriLankaEnglish (UK)

ගුවන් ආවේක්ෂණ මෙහෙයුම් වඩාත් ඵලදායී ලෙස පරිසර කළමනාකරණය සඳහා යොදාගැනීම සම්බන්ධ සාකච්ඡාව

 

ශ්‍රි ලංකාවේ පරිසරය ආරක්ෂා කර ගැනීම උදෙසා අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් (ගුවන් හමුදාපතිතුමාගේ අධීක්ෂණය යටතේ) මුළු දිවයිනම ආවරණය වන පරිදි ගුවන් ආවේක්ෂණ යාන්ත්‍රණයක් ආරම්භ කර තිබේ.

මෙම ගුවන් ආවේක්ෂණ යාන්ත්‍රණය පරිසර කළමනාකරණය සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳව මුලික සාකච්ඡාවක් 2018-09-12 දින පෙ.ව. 10.00 -12.00 දක්වා මධ්‍යම පරිසර අධිකාරියේදී පවත්වන ලදී. මෙම සාකච්ඡාව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනු අතර එහිදී ගුවන් හමුදාවේ පියාසර නිළධාරී රුක්ෂාන් ගම්ලක්ෂගේ මහතා විසින් පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය සඳහා ගුවන් ආවේක්ෂණ මෙහෙයුම් යොදාගන්නා ආකාරය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරන ලදී.

මෙම වැඩසටහනේ මුලික අරමුණ වුයේ පරිසර සංරක්ෂණ හා කළමනාකරණ කටයුතු සඳහා පරිසර අධිකාරිය සතු දත්ත ගබඩාවන් හුවමාරු කරගැනීම හා ඒ සම්බන්ධ තාක්ෂණික දැනුම සහිත නිළධාරීන්ගේ සහයෝගය ලබාගැනීමත්, ගුවන් හමුදාවේ හා පරිසර අධිකාරියේ ඒකාබද්ධ පොදු වැඩසටහනක් ලෙස පරිසර සංරක්ෂණ, කළමනාකරණ හා පසුවිපරම් කටයුතු සඳහා ‍මෙම ක්‍රියාවලිය ඉදිරියට පවත්වා ගැනීමයි.

මෙම වැඩසටහන පරිසර අධිකාරියේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සම්බන්ධිකරණය සිදුකරනු ලැබේ.

IMG 1166IMG 1169IMG 1189IMG 1190

Wednesday, 19 September 2018 05:05 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න