Tamil-SriLankaEnglish (UK)

නල්ලූර් උත්සව සමය තුළ පොලිතින් පාලන වැඩසටහන

2018 අගෝස්තු මස 16 වන දින සිට ආරම්භ වූ නල්ලූර් උත්සව සමයේදී යාපනය මහ නගර සභාව හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව පොලිතින් / ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු පළාත් කාර්යයාලය විවිධ වැඩසටහන් සංවිධානය කරන ලදී. ඒ අනුව පරිසර පොලිස් ඒකකයේ සහයෝගය ඇතිව ප්‍රදේශයේ පිහිටි ස්ථිර හා තාවකාලික වෙළඳ සැල් තහනම් පොලීතීන් සඳහා පරීක්ෂා කෙරිණ. මෙහිදී නිරීක්ෂණය වූයේ බොහෝ පිරිස් තල් ආශ්‍රිත නිෂ්පාදන තම කටයුතු සඳහා යොදා ගන්නා බවයි.


කාගීල්ස් සමාගමේ අනුග්‍රහයෙන් ලබා දුන් රෙදි මළු බැතිමතුන් අතර බෙදා දීමද මෙම වැඩසටහන යටතේ සිදු විය. මීට අමතරව ඩෙටෝල් ආයතනය අනුග්‍රහයෙන් යාපනය මහ නගර සභාවට කසළ බඳුන් ලබා දීමද සිදු විය. විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් මෙයට සමගාමීව සිදු කෙරුණු අතර මේ සඳහා පරිසර නියමුවන්ද සහභාගී වූ අතර විවිධ පාර්ශවයන්ගේ සහයෝගය ඇතිව ඉතා සාර්ථක ලෙස වැඩසටහන නිමාවිය.

20180903 172959 Film320180903 173035 Film320180905 180557 Film3IMG-c86f4bc5143939035ca2a956d194e000-VIMG-e2

Monday, 17 September 2018 09:31 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න
පුස්තකාලයාධිපතිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහජන පුස්තකාල තුළින් ජනතාවගේ පාරිසරික දැනුම්වත්භාවය... තවදුරටත් කියවන්න