Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය වූ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය.........

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යය මණ්ඩලය අතර අන්තර් පුද්ගල සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ආයතනයේ, සුබසාධක සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන, සැහැල්ලු පන්දු, සුහද ක්‍රිකට් තරගය පසුගියදා බත්තරමුල්ල, බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

මෙවර ක්‍රිකට් තරගය සඳහා පළාත් හා දිස්ත්‍රික් කාර්යාල ද නියෝජනය කරමින් කාන්තා කණ්ඩායම් 05ක් හා පිරිමි කණ්ඩායම් 13ක් සහභාගී වූහ. කාන්තා අවසන් තරගය සඳහා ඌව පළාත් කණ්ඩායම සමඟ ප්‍රධාන කාර්යාලයීය කණ්ඩායම තරග වැදුණු අතර කණ්ඩායම් 2කම සම ශූරතාවය හිමි කරගත්හ. පිරිමි තරගයේ අවසන් වටයට කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සහ දකුණු පළාත් කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර, ඔවුන් ද සම ශූරයන් වූහ.
මධ්‍යම පරිසර අධිකාරියේ , සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සමඟ, අධිකාරියේ සුබසාධක සංගමයේ ගරු සභාපති අජිත් විරසුන්දර මහතා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.

 IMG 0370IMG 0632IMG 0940IMG 0971IMG 0997IMG 1001IMG 1009IMG 1013

Wednesday, 12 September 2018 10:11 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

katupol11

polythene sin

ecosin

addsin

ReEBwaste

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න
පුස්තකාලයාධිපතිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහජන පුස්තකාල තුළින් ජනතාවගේ පාරිසරික දැනුම්වත්භාවය... තවදුරටත් කියවන්න