Tamil-SriLankaEnglish (UK)

තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන ආහාර ඇසුරුම් තොගයක්, පිළියන්දල දී අත්අඩංගුවට ගනී....

පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන් නිෂ්පාදන කීපයක් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වනදා පටන් තහනමට ලක් කළ අතර, මේ වන විට පරිසර හිතකාමී නිෂ්පාදන වෙළෙඳපොලවල් කරා පැමිණෙමින් පවතී. එසේ වුවත් කූට ව්‍යාපාරික පන්තියක් විසින් වැඩි ලාභ අපේක්ෂාවෙන් තවදුරටත් මෙම තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරමින් අලෙවි කිරීමට කටයුතු කරන අවස්ථා ද වාර්තා වෙමින් පවතී. මධ්‍යම පරිසර අධිකාරියත්, පාරිභෝගික සේවා  අධිකාරියත් සමග පරිසර පොලිස් ඒකකය ඒකාබද්ධව තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන්නන්, බෙදාහරින්නන් සහ අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කටයුතු කරනු ලබයි.
මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2018 සැප්තැම්බර් 04 දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීම් සිදුකරන ලදී. මිලියනයක් පමණ වටිනාකමකින් යුක්ත වූ මෙම තහනම් පොලිතීන් නිෂ්පාදන  සියල්ලම පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.  එම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ 2017/09/01 දිනැති 2034/34 යන ගැසට් නිවේදනයට අනුව නීතීමය පියවර ගැනීමට ද කටයුතු කටයුතු කරන ලදී.
 මෙම ආයතනය පවත්වාගෙන යාමේ දී කර්මාන්තකරු විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය හෝ වෙළෙඳ බලපත්රතය ලබා නොගෙන වසර 05 ක පමණ කාලයක් මෙම කර්මාන්තායතනය පවත්වාගෙන ගොස් ඇති බවද  විමර්ශනයේ දී අනාවරණය විය.

 

011

012

014

015

Wednesday, 05 September 2018 06:20 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
පාසල් පුස්තකාල තුල පරිසර තොරතුරු අංශය සංවර්ධනය කිරීම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පරිසර අධ්‍යපනය ශක්තිමත්... තවදුරටත් කියවන්න
තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........ පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ පරිසර... තවදුරටත් කියවන්න
විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් අනාගත ශ්‍රී ලංකාවේ... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න