Tamil-SriLankaEnglish (UK)

පාරිසරික ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩමුළුව

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදේශකත්වයෙන් හා මග පෙන්වීම යටතේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය විසින් පාරිසරික ජනමාධ්‍යවේදීන් සඳහා වැඩමුළුවක් 2018 අගෝස්තු මස 21 දින බියගම ප්‍රදේශය ආශ්‍රිතව පවත්වන ලදී. මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය හා ජාත්‍යන්තරව පීළිගත් අවසන් බැහැරකිරිමේ ක්‍රමවේදය වන සනීපාරක්ෂක කසළ රඳවන ක්‍රමය පිළිබඳ ව දැනුවත් කිරිම ද සිදුවිය.
ජනමාධ්‍යවේදීන් විසින් දොම්පේ ප්‍රදේශයේ පිහිටි මෙම සනීපාරක්ෂක කසල රඳවනය නීරීක්ෂණය කළ අතර, එහි ක්‍රියාකාරීකත්වය පීළිබඳව ඔවුන් ව දැනුවත් කිරීම අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා සරෝජනී ජයසේකර මහත්මිය විසින් සිදුකරන ලදී.
මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය, ක්‍රියාකාරකම් හා නීතී රෙගුලාසි පිළිබඳ පුළුල් විචාරාත්මක පැහැදිලි කිරීමක්, ප්‍රවීණ පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධනයන් විසින් සිදුකරන ලදී. එමෙන්ම පරිසර දූෂණ පාලන ක්‍රියාවලිය, ජල තත්ත්ව හා වායූ තත්ත්ව පාලනය සම්බන්ධ මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය පීළිබඳව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම පරිසර දුෂණ පාලන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සංජය රත්නායක මහතා විසින් සිදුකරන ලදී.
පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ද සිල්වා මහත්මිය විසින් තිරසර සංවර්ධනය හා පරිසර කළමනාකරණය පිළිබඳවත්, පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය පිළිබඳවත් පාරිසරික ජනමාධ්‍යවේදීන් දැනුවත් කරන ලදී. පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය සිදුකිරිමේ දී විනිවිදභාවයෙන් හා මහජන සහභාගීත්වයෙන් යුතුව මෙම ක්‍රියාවලිය සිදුකරන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමිය ‍ මෙහිදි අවධාරණය කරන ලදී.
‍පාරිසරික ජනමාධ්‍යවේදීන් අමතා අදහස් ප්‍රකාශ කල මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසා සිටියේ, මධ්‍යම පරිසර අධිකාරිය ජාතික පාරිසරික පනතට අනුකූලව නීතී රෙගුලාසි ක්‍රියාත්මක කරනූ ලබන නියාමන ආයතනයක් බවයි. තවදුරටත් එතුමන් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ තිරසර සංවර්ධන අරමුණ ඉටුකර ගැනීම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.
මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, හේමන්ත ජයසිංහ මහතා, අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.යූ. උපාලි ඉන්ද්‍රරත්න මහතා, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි ජයසිංහ මහතා, පරිසර ප්‍රවර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා, ශ්‍යාමිනි පෙරියප්පෙරුම මහත්මිය හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

IMG 9568IMG 9586IMG 9610IMG 9842IMG 9883

 

Monday, 03 September 2018 09:42 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
පාසල් පුස්තකාල තුල පරිසර තොරතුරු අංශය සංවර්ධනය කිරීම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පරිසර අධ්‍යපනය ශක්තිමත්... තවදුරටත් කියවන්න
තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........ පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ පරිසර... තවදුරටත් කියවන්න
විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් අනාගත ශ්‍රී ලංකාවේ... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න