Tamil-SriLankaEnglish (UK)

තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන ආහාර ඇසුරුම් තොගයක්, දෙමටගොඩ දී අත්අඩංගුවට ගනී....

පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන් නිෂ්පාදන කීපයක් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වනදා පටන් තහනමට ලක්කල අතර, මේ වන විට පරිසර හිතකාමී නිෂ්පාදන වෙළෙඳපොලවල් කරා පැමිණෙමින් පවතී. එසේ වුවත් කූට ව්‍යාපාරික පන්තියක් විසින් වැඩි ලාභ අපේක්ෂාවෙන් තවදුරටත් මෙම තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරමින් අලෙවි කිරීමට කටයුතු කරන අවස්ථා ද නන් දෙසින් වාර්තා වෙමින් පවතී. මධ්‍යම පරිසර අධිකාරියත්, පාරිභෝගික සේවා අධිකාරියත් සමග පරිසර පොලිස් ඒකකය ඒකාබද්ධව තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන්නන්, බෙදාහරින්නන් සහ අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කටයුතු කරනු ලබයි.


මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව පසුගිය සිකුරාදා රාත්‍රීයේ ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් දෙමටගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීම් සිදුකරන ලදී. කිලෝග්රෑම් 600 ක් පමණ බරින් යුක්ත වූ මෙම තහනම් පොලිතීන් නිෂ්පාදන සියල්ලම පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගත් අතර, එම කර්මාන්තකරුට එරෙහිව නීතීමය පියවර ගැනීමට ද කටයුතු කර ඇත.


පරිසර හිතකාමී විකල්ප නිෂ්පාදනයන් වෙතම ව්‍යාපාරික ප්‍රජාව යොමු වී ඇති පරිසරයක, තවදුරටත් තහනම් පොලිතීන් නිපදවන්නන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ව අධිකරණයට පමුණුවා උපරීම දඩුවම් ලබාදීමටත් කටයුතු කරන බැව් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.

 02030412

Monday, 03 September 2018 09:31 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
පාසල් පුස්තකාල තුල පරිසර තොරතුරු අංශය සංවර්ධනය කිරීම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පරිසර අධ්‍යපනය ශක්තිමත්... තවදුරටත් කියවන්න
තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........ පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ පරිසර... තවදුරටත් කියවන්න
විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් අනාගත ශ්‍රී ලංකාවේ... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න