Tamil-SriLankaEnglish (UK)

ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ, පරිසර දූෂණ පාලනය අවම කිරිමේ නියමු ව්‍යාපෘතීන් හි ප්‍රගති සමාලෝචනය.

නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව පළාත් පාලන ආයතන වල තාක්ෂණික නිලධාරීන් සඳහා වැඩමුළුවක්, මධ්‍යම පරිසර අධිකාරිය හා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා එජන්සිය (JICA) එක්ව 2018 අගෝස්තු මස 31 වන දින පරිසර අධිකාරියේ ශ්‍රවනාගරයේ දී පවත්වන ලදී.
ලංකාව තුළ අඩු වියඳම් අමුද්‍රව්‍ය භාවිතා කර සනීපාරක්ෂන කසළ රඳවන සැකසීම පිළිබඳව රුහුණු විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, මූලික අධ්‍යාපන ආයතනය හා JICA ව්‍යාපෘතිය එක්ව ReEB ව්‍යාපෘතිය යටතේ SATREPS ව්‍යාපෘතිය සිදුකරන ලදී.
එම SATREPS ව්‍යපෘතියේ අඩංගු මාර්ගෝපදේශනයන්ට අනූකූලව කසළ කළමනාකරණය සිදුකිරිම සඳහා කුරුණෑගල, කතරගම හා රත්නපුර යන ප්‍රදේශ තෝරා ගනිමින්, මෙම නියමු ව්‍යපෘතිය දියත් කරන ලදී.
මෙම නියමු ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයත්, ඒ ඒ පළාත් පාලන ආයතන වලට ගැලපෙන අඩු වියඳම්, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයන් හඳුන්වාදී 3 R සංකල්පය ප්‍රවර්ධනය කිරීමත් මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණු විය.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ නීතීමය පැතිකඩ පැහැදිලි කිරීම පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන මහතා විසින් ද ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණය හා වර්තමාන දූෂණ තත්ත්වයන් පිළිබඳ කසළ කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිතා සරෝජනී ජයසේකර මහත්මිය විසින් ද දේශන සිදුකරන ලදී.
මීට අමතරව ශිබුෂි ආකෘතිය හා ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු. ජේ. එම්. යූ ඉන්ද්‍රරත්න මහතා විසින් ද 3 R සංකල්පය හා ව්‍යාපෘති මාර්ගෝපදේශයන් පිළිබඳව ජපානයේ සයිමටා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෙන් කවමොටො මහතා විසින් හා සනීපාරක්ෂක කසළ රඳවන ක්‍රියාවලිය පිළිබඳව JICA ව්‍යපෘතියේ ප්‍රධාන උපදේශක ආචාර්ය නොගමි සාටෝ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවට පළාත් පාලන ආයතනවල නිලධාරීන් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ හා ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ හා JICA ආයතනයේ ආචාර්ය යොකෝ ඔනම් මහත්මිය සහභාගී විය.

IMG 0213IMG 0238IMG 0242IMG 0246IMG 0252IMG 02651

Monday, 03 September 2018 09:11 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

katupol11

polythene sin

ecosin

addsin

ReEBwaste

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න
පුස්තකාලයාධිපතිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහජන පුස්තකාල තුළින් ජනතාවගේ පාරිසරික දැනුම්වත්භාවය... තවදුරටත් කියවන්න