Tamil-SriLankaEnglish (UK)

රාජ්‍ය නොවන පරිසර සංවිධාන හමුවක්

  

පරිසර සංරක්ෂණය යන පොදු දැක්ම යටතේ ක්‍රියාත්මක වෙමින් සමස්ත දිවයින පුරා විහිදි සිටිමින් කටයුතු කරන රාජ්‍ය නොවන පරිසර සංවිධාන හා ප්‍රජා මූල පරිසර සංවිධාන නියෝජිතයින්ගේ හමුවක් පසුගිය ජුලි මස 31 වනදා බත්තරමුල්ලේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. සංවිධාන සියයක් පමණ නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 150කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී වූ මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ප්‍රකාශ කර සිටියේ, පරිසර අර්බුද ගණනාවක් කරළියට පැමිණ ඇති වර්තමානයේ  ඒවා පිළිබඳව වඩාත් සංවේදීව සිටිමින්, ඒවා පිළිබඳව නිරන්තරයෙන් රාජ්‍ය ආයතන දැනුවත් කරමින් රාජ්‍ය නොවන පරිසර සංවිධාන විසින් ඉටු කරනු ලබන කාර්යභාරය ඉතා වැදගත් බවත්, එය අගය කරන බවත්ය. මධ්‍යම පරිසර අධිකාරියේ නීතී උපදේශක, ජාතික පරිසර සභාවේ හිටපු සභාපති හා වත්මන් කමිටු සාමාජික මෙන්ම ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ  ජගත් ගුණවර්ධන මහතා විසින් පාරිසරික නීතීය පිළිබඳව දැනුම්වත් කිරීම සිදුකරන ලදී.


පරිසර දුෂණ පාලන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය. සංජය රත්නායක මහතාත්, පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ද සිල්වා මහත්මියත්, අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා සරෝජනී ජයසේකර මහත්මියත් පුළුල් ආකාරයෙන් අදහස් දැක්වූහ. මෙහිදි රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් විසින් ගැටළු ඉදිරිපත් කිරීම් හා රටක් වශයෙන් දිගුකාලීන පරිසර සංරක්ෂණය සඳහා වන යෝජනා ඉදිරිපත් කිරිම් ද සිදුවිය.


 

ngo1

ngo2

ngo3

ngo5

ngo6

ngo8

ngo9

ngo10

ngo11

ngo13

ngo14

ngo15

ngo16

ngo17

ngo18

ngo19

ngo22

ngo23

ngo24

ngo33

 

  

Friday, 10 August 2018 06:48 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න